විස්සයි විස්ස ලෝක කුසලානය ගැන තීරණය ජුනි පළවනදා

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් තීරණයක් අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය මගින් ජුනි පළවනදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ එහි විධායක කමිටු රැස්වීමේදීයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඊට දින දෙකකට පෙර එනම්, ලබන 29 වනදා, විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා ඇති අතර එහිදී ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එරට ව්‍යාප්ත වන දෙවන කොරෝනා රැල්ල හේතුවෙන් බොහෝදුරට එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත රැගෙන යනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ වසරේ ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවල ඉන්දියාවේ පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර, ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය විසින් එක්සත් අරාබි එමීරයේ ක්‍රීඩාංගන ඔක්තෝම්බර් 18 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා විකල්ප ක්‍රීඩාංගන ලෙස වෙන් කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරි ආණ්ඩුවට අනතුරු අඟවයි
05:20
Video thumbnail
අනුර කරන්න පුළුවන් මිනිහෙක්ට රට දීලා ගෞරවාන්විතව පැත්තකට වෙන්න - ඉන්ධන නොමැතිවීම මිනිස්සු කුපිත වෙයි
02:29
Video thumbnail
අපිට හොඳයි මේ ආණ්ඩුව - අපිට සැපයි
03:05
Video thumbnail
ඩී.වී.චානක නැගිටලා හතර වටේටම දෙසයි - අප්‍රේල් මාසයට එක නැවක්වත් සීස් කරගෙන නෑ
09:10
Video thumbnail
ආබාධිතයි කියලා අපිට කරන්න දෙයක් නෑ - QR නැතුව තෙල් ගහන්න බෑ
04:28
Video thumbnail
දැනටමත් මාසෙකට වඩා අපිට තෙල් තියෙනවා - විපක්ෂය හැමදාම බොරදියේ තමයි මාළු බාන්නේ
03:50
Video thumbnail
චාමර සම්පත් නැගිටිලා ආණ්ඩුවත් එක්ක ගේම ඉල්ලයි
11:57
Video thumbnail
විදේශිකයන් සෙට් එකක් ලංකාවට ඇවිත් කළ දැවැන්ත මාර්ගගත වංචාවක් කොටුකළ මෙහෙයුම
04:12
Video thumbnail
පාර්ලිමේන්තුව හෙට වහනවා - හදිසි තීරණයක් ගනී
03:06
Video thumbnail
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන්වල වැඩිවීමක් - පරණ ෂොපින් භාවිතා කරන්න වෙයි
08:41