ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මූලික වටයේ තරගයක දී විස්සයි විස්ස පිටියේ ලෝක වාර්තා හතරක් පිහිටුවීමට නේපාල කණ්ඩායම සමත් වුණා.
මොංගෝලියාවට එරෙහිව පැවති තරගයේ දී නේපාල කණ්ඩායම මෙම ලෝක වාර්තා හතර පිහිටුවනු ලැබුවා.
එහිදී නේපාලය විස්සයි විස්ස තරගයක දී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු තුනක් දැවී ලකුණු 314ක් වාර්තා කළා.
නේපාල ඉනිමේ දී වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය ද වාර්තා වූ අතර, දීපේන්ද්‍ර සිං විසින් පන්දු 09ක් තුළ එම අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.
ඊට අමතරව විස්සයි විස්ස තරගයක දී ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත්ම ශතකය ද නේපාල ක්‍රීඩකයෙක් රැස් කිරීම විශේෂත්වයක්.
කුෂාල් මල්ලා විසින් මෙම ශතකය රැස්කළ අතර ඔහු ඒ සඳහා වැයකළ පන්දු සංඛ්‍යාව 34 ක්.
ලකුණු 315ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මොංගෝලියාවට මෙහිදී රැස්කර ගත හැකි වුයේ ලකුණු 41ක් පමණයි.
ඒ, අනුව නේපාලයට ලකුණු 273ක දැවැන්ත ජයක් හිමි වුණා.
මෙම ජයග්‍රහණය ද වාර්තා අතරට එක් වූණේ විස්සයි විස්ස තරගයක දී ප්‍රතිවාදී කණ්ඩායමක් පරාජයට පත් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.





