වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බරට – ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් වාන් දමයි

අද (19) උදෑසන හයෙන් අවසන් වූ ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඒ, අනුව එම ප්‍රදේශයට මිලි මීටර් 201.40ක වර්ෂාපතනයක් ගතවූ පැය 24 තුළ පතිත වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ.

දෙවැනියට වැඩිම වර්ෂාපතනය මහනුවර දිස්ත්‍රික්කයේ පොත්තපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන බව සඳහන් කළ එම මධ්‍යස්ථානය, එම අගය මිලි මීටර් 155ක් බවයි පැවසුවේ.

මේ අතර දිවයිනේ ප්‍රධාන වැව් සහ ජලාශ 34ක් මේ වනවිට වාන් දමමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඒ, අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලාවැව, නාච්චදූව, රාජාංගනය, අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශවල වාන් දැමීම සිදුකෙරෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුඔය ජලාශයේ සහ අම්පාර දිස්ත්‍රිකයේ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු ද විවෘත කර තිබෙනවා.

මේ අතර බදුල්ල, කෑගල්ල, කිලිනොච්චිය, අනුරාධපුර, පොළොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල මාර්ග කිහිපයක් මේ වනවිටත් අවහිර වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලැජ්ජා නැද්ද ඔයාලට - කරපු පව් වලට සමාව ඉල්ලන්න
08:02
Video thumbnail
අඩුම ගානේ දැන්වත් පොඩ්ඩක් හැදෙන්න - සජිත් ආණ්ඩුවට සැරටම අමතයි
15:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවලා, අපි ලැජ්ජා වෙන්න ඕනේ
01:48
Video thumbnail
මරික්කාර් වටගලට රිදෙන්නම දෙයි - නගරාධිපතිනිගේ සාරි පොටේ එල්ලෙන්නේ නැතුව වතුවලට ගිහින් බලන්න
09:32
Video thumbnail
මහින්ද කහඳගම ඩුබායි ගිහින් ජාවාරම්කරුවන් එක්ක දාපු ජෝගිය මෙන්න
00:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.10.06
00:00
Video thumbnail
කිසිම ආණ්ඩුවක් මගේ සිවුර ගැලෙව්වේ නෑ, මේ පාර මගේ සිවුර ගැලෙව්වා
02:03
Video thumbnail
මාරවිල ෂෙඩ් එකේ පෝලිම්වල හිටපු මිනිස්සුන්ට අසූචිවලින් ප#රදීලා
02:08
Video thumbnail
තෙල් ගහන්න ආපු වීල් එක ෂෙඩ් එක ඉස්සරහම ගිනිගෙන අළුවෙයි
01:17
Video thumbnail
හැමෝටම ටටා පෙන්නගෙන නාමල් යළි බන්ධනාගාරයට යයි
00:54