විස්සයි විස්ස පිටියේ නේපාලයෙන් ලෝක වාර්තා හතරක්

ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මූලික වටයේ තරගයක දී විස්සයි විස්ස පිටියේ ලෝක වාර්තා හතරක් පිහිටුවීමට නේපාල කණ්ඩායම සමත් වුණා.

මොංගෝලියාවට එරෙහිව පැවති තරගයේ දී නේපාල කණ්ඩායම මෙම ලෝක වාර්තා හතර පිහිටුවනු ලැබුවා.

එහිදී නේපාලය විස්සයි විස්ස තරගයක දී කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස්කරමින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු තුනක් දැවී ලකුණු 314ක් වාර්තා කළා.

නේපාල ඉනිමේ දී වේගවත්ම විස්සයි විස්ස අර්ධ ශතකය ද වාර්තා වූ අතර, දීපේන්ද්‍ර සිං විසින් පන්දු 09ක් තුළ එම අර්ධ ශතකය රැස් කිරීමට සමත් වුණා.

ඊට අමතරව විස්සයි විස්ස තරගයක දී ක්‍රීඩකයෙක් වාර්තා කළ වේගවත්ම ශතකය ද නේපාල ක්‍රීඩකයෙක් රැස් කිරීම විශේෂත්වයක්.

කුෂාල් මල්ලා විසින් මෙම ශතකය රැස්කළ අතර ඔහු ඒ සඳහා වැයකළ පන්දු සංඛ්‍යාව 34 ක්.

ලකුණු 315ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය මොංගෝලියාවට මෙහිදී රැස්කර ගත හැකි වුයේ ලකුණු 41ක් පමණයි.

ඒ, අනුව නේපාලයට ලකුණු 273ක දැවැන්ත ජයක් හිමි වුණා.

මෙම ජයග්‍රහණය ද වාර්තා අතරට එක් වූණේ විස්සයි විස්ස තරගයක දී ප්‍රතිවාදී කණ්ඩායමක් පරාජයට පත් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10
Video thumbnail
මන්නාරම් ද්‍රෝණියේ ගෑස් තෙල් නිධි ලබා ගැනීම ගැන විශේෂ හෙළිදරව්වක් - ආර්ථිකයේ හොඳ පිම්මක්
05:33
Video thumbnail
ලොක්කෝ දාන්න වෙනම වැලිසර විශේෂ බන්ධනාගාර හැදුවා - දේශපාලන ජාලයම හෙළිවෙනවා
02:43