මධ්‍යම පළාතේ සියලු පාසල් අද සහ සඳුදා වැසේ

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම පළාතේ සියලු පාසල් අද (19) දිනයේ සහ ලබන සඳුදා (22) වසාදැමීමට තීරණ⁣ය කර ඇතැයි පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරනවා.

මේ අතර නත්තල් නිවාඩුවෙන් පසු සැළසුම් කළ පරිදි එළෙඹෙන 29 දින යළිත් පාසල් ආරම්භ කිරීමට තීරණය කළ බවයි පළාත් අධ්‍යාපන ලේකම්වරිය පැවසුවේ.