විශේෂ එන්නත් දෙකක් ලබාදීම සම්බන්ධයෙන් යුධ හමුදාපතිගෙන් දැනුම්දීමක්

යුද හමුදාව විසින් ෆයිසර් හෝ මොඩර්නා එන්නත ලබාදෙන්නේ උසස් අධ්‍යපනය සඳහා විදෙස් ගතවන සිසුන්ට පමණක් බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඒ අනුව අදාළ එන්නත් ලබාගැනීමට නම් විදෙස් ගතවන බවට වූ ලිපිලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්යය වෙයි.

හමුදාපතිවරයා පෙන්වා දෙන්නේ, දේශීය විශ්වවිද්‍යාල සඳහා යන සිසුන්ට මොඩර්නා හෝ ෆයිසර් එන්නත දෙන බවට මෙතෙක් තීරණයක් ගෙන නැති බවය. 

සිය කොවිඩ් මර්දන එන්නත ලෙස මොඩර්නා ගැනීමට පැමිණි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් හේතුවෙන් අද (25) උදෑසන නාරාහේන්පිට යුද හමුදා රෝහලේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානයේදී නොසන්සුන් තත්ත්වයක් ඇති වුණි. 

නාරාහේන්පිට යුද හමුදා රෝහලට අද පෙරවරුවේ විශ්වවිද්‍යාල කිහිපයක සිසුන් විශාල පිරිසක් පැමිණ තිබුණි.

කෙසේවෙතත් යුද හමුදා රෝහලේ නිලධාරීන් ප්‍රකාශ කළේ අදාළ එන්නත එම මධ්‍යස්ථානයෙන් ලබානොදෙන බවය.

ඒ සමග එහි නොසන්සුන් තත්වයක් ඇති වුණි.

මේ සම්බන්ධයෙන් අප කැලණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මියගෙන් විමසීමක් කළාය.

ඇය සඳහන් කළේ අද සහ හෙට යන දෙදින තුළදී මොඩර්නා එන්නත යුද හමුදා රෝහලේදී සිසුන්ට ලබාගත හැකි බවට මුලින් සඳහන් කළත් නොවැළැක්විය හැකි හේතුවක් නිසා එය නොපැවැත්වෙන බව යුද හමුදාව ඊයේ (24) රාත්‍රීයේදී තමාට දැනුම් දුන් බවය.

ඒ බව ඊයේ රාත්‍රීයේදීම පෙර දැනුවත් කළ ආකාරයෙන්ම සිසුන්ට දැනුවත් කිරීමට පියවර ගත් බව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරිය සඳහන් කළාය.

මේ සම්බන්ධයෙන් අප විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන්ද විමසීමක් කළේය.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, “මේ එන්නත දෙන්න අර එන්නත දෙන්න කියලා අපි කිසිම ඉල්ලීමක් කරලා නෑ,” යනුවෙනි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොලොන්නාව තෙල් පර්යන්තයෙන් තෙල් නිකුත් කිරීමේ අඩුවක්..තෙල් බවුසර් ටික පෝළිමට නවත්තලා
01:53
Video thumbnail
පොලිස්පති සංවේදී වී කියූ කතාව..වියෝව පවුලට විතරක් නෙවෙයි පොලිසීයටත් ලොකු පාඩුවක්
04:15
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22