spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ජනපතිගෙන් නව වැඩපිළිවෙළක්

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් නව වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කරනවා.

මේ සඳහා ක්‍රීඩා, සෞඛ්‍ය, තරුණ ඇතුළු අමාත්‍යාංශ කිහිපයක සහයෝගය ලබා ගෙන අදාළ නව වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

2022 ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාත්‍යන්තර දිනය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ අද (03) පෙරවරුවේ සංවිධානය කර තිබූ ජාතික උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

විවිධ හැකියාවන් ඇති විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සිටින අතර ඔවුන්ගේ නිර්මාණශිලි කුසලතාවයන් රටේ අනාගත දියුණුව වෙනුවෙන් ඵලදායීව යොදා ගැනීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා මෙහිදී අවාධාරණය කර සිටියා.

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සුබසාධනය වෙනුවෙන් ක්‍රියාත්මක ආයතනවල පවතින අඩු පාඩු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඒ පිළිබඳ සොයා බලා එම අංශයන්හි පහසුකම් සංවර්ධනයට පියවර ගන්නා බව ද පැවසුවා.

කාන්තා, ළමා කටයුතු, සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය, ආබාධිත සහිත තැනැත්තන් සදහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?