විශේෂඥ වෛද්‍ය හිඟය ගැන අලුත්ම අනාවරණයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරණ ඒකකයට විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැතිවීම හේතුවෙන් රෝගී ළමයින් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ පරීක්ෂණ නියමිත වෙලාවට නොකිරීම හමුවේ රෝගීන්ගේ ජීවිත ද අවදානමකට ලක්ව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ අදාළ බලධාරීන් කිසිවෙකුගේ අවධානය මෙතෙක් යොමුවී නොමැති බවටයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ.

අද පැවති මාධ්‍ය හමුවකදී එහි සංවිධායක ලේකම් වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ රටේ සමස්ත අවශ්‍යතාව වෛද්‍යවරුන් හැත්තෑ දෙදහසක් පමණ වුව ද දැනට සිටින්නේ වෛද්‍යවරුන් විසිදහසක පමණ ප්‍රමාණයක් බවයි.

ඉන් විශාල පිරිසක් මේවන විට රට හැර යමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.

දකුණු පළාතට ලැබුණු විශාල සම්පතක් වූ එම වෛද්‍යවරයා රට හැර යන තත්වයට පත්වීම හේතුවෙන් දකුණු පළාතට අමතරව තවත් විශාල ප්‍රදේශයක ජනතාවට ලැබුණු සහනය ද අහිමි වන බවයි වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා කියාසිටියේ.

ළමා හෘද කැතීටකරණය ඒකකයේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු විදේශ ගතව ඇති අතර අනෙක් වෛද්‍යවරයා මේ වන විට පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

වැඩ බලන විශේෂඥ වෛද්‍යවරියක් අනියුක්ත කර ඇතත් ඇය සායනික කටයුතු පමණක් සිදු කරන බැවින් සැත්කම් සිදුකිරීමට නොහැකි වී ඇති බව සඳහන්.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමට සැබෑ හේතුව සොයා එය වළක්වා ගැනීමට පිළියම් යෙදිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා රට හැර ගොස් ඇති අතර ඊට මෙතෙක් පිළියම් යොදා නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී මෙලෙස වෛද්‍යවරුන් රට හැර යන්නේ නම් සමස්ත සෞඛ්‍ය පද්ධතියේම බිඳ වැටීමකට ලක්වන බවට ද වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අනතුරු අගවනවා.

රෝගී ළමයින්ගේ දෙමව්පියන් මෙන්ම රෝහල් වෛද්‍යවරුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා වෛද්‍යවරයකු පත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?