විශේෂඥ වෛද්‍ය හිඟය ගැන අලුත්ම අනාවරණයක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීටකරණ ඒකකයට විශේෂඥ වෛද්‍යවරයෙකු නොමැතිවීම හේතුවෙන් රෝගී ළමයින් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

මෙම තත්ත්වය හේතුවෙන් අදාළ පරීක්ෂණ නියමිත වෙලාවට නොකිරීම හමුවේ රෝගීන්ගේ ජීවිත ද අවදානමකට ලක්ව ඇති බවටයි චෝදනා එල්ල වන්නේ.

විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාම පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යංශයේ හෝ අදාළ බලධාරීන් කිසිවෙකුගේ අවධානය මෙතෙක් යොමුවී නොමැති බවටයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරන්නේ.

අද පැවති මාධ්‍ය හමුවකදී එහි සංවිධායක ලේකම් වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ රටේ සමස්ත අවශ්‍යතාව වෛද්‍යවරුන් හැත්තෑ දෙදහසක් පමණ වුව ද දැනට සිටින්නේ වෛද්‍යවරුන් විසිදහසක පමණ ප්‍රමාණයක් බවයි.

ඉන් විශාල පිරිසක් මේවන විට රට හැර යමින් පවතින බව ද ඔහු ප්‍රකාශ කළා.

දකුණු පළාතට ලැබුණු විශාල සම්පතක් වූ එම වෛද්‍යවරයා රට හැර යන තත්වයට පත්වීම හේතුවෙන් දකුණු පළාතට අමතරව තවත් විශාල ප්‍රදේශයක ජනතාවට ලැබුණු සහනය ද අහිමි වන බවයි වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා කියාසිටියේ.

ළමා හෘද කැතීටකරණය ඒකකයේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු විදේශ ගතව ඇති අතර අනෙක් වෛද්‍යවරයා මේ වන විට පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

වැඩ බලන විශේෂඥ වෛද්‍යවරියක් අනියුක්ත කර ඇතත් ඇය සායනික කටයුතු පමණක් සිදු කරන බැවින් සැත්කම් සිදුකිරීමට නොහැකි වී ඇති බව සඳහන්.

මෙම විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමට සැබෑ හේතුව සොයා එය වළක්වා ගැනීමට පිළියම් යෙදිය යුතු බව ද ඔහු ප්‍රකාශ කළා.

හම්බන්තොට මහ රෝහලේ විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයා රට හැර ගොස් ඇති අතර ඊට මෙතෙක් පිළියම් යොදා නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඉදිරියේදී මෙලෙස වෛද්‍යවරුන් රට හැර යන්නේ නම් සමස්ත සෞඛ්‍ය පද්ධතියේම බිඳ වැටීමකට ලක්වන බවට ද වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අනතුරු අගවනවා.

රෝගී ළමයින්ගේ දෙමව්පියන් මෙන්ම රෝහල් වෛද්‍යවරුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා වෛද්‍යවරයකු පත් කරන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15