විශේෂඥ වෛද්‍යවරුන්ට ජනපතිගෙන් සාධනීය ප්‍රතිචාර

තම වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ පවතී සාකච්ඡා සාර්ථක වූ බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

එම ඉල්ලීම් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග සහ ක්රියපයිපටිය පිළිබදව සොයා බැලීමට කටයුතු කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුන් මේ බව සඳහන් කළා.

එම සංගමය විසින් ඉල්ලීම් තුනක් පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කර තිබු අතර එම ඉල්ලීම් තුන සම්බන්ධයෙන් කටයුතු කොට ඉදිරියේදී නැවත රැස් වී එම ක්‍රියාමාර්ගයන් පිළිබදව සමාලෝචනයක් සිදු කිරීමට තමා සුදානම් බවට ජනාධිපතිවරයා සඳහන් කළා යැයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, අශෝක ගුණරත්න පවසා සිටියා.

එමෙන්ම එම සංගමය ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබදව සංගමයේ විධායක කමිටුව රැස්ව සාකච්චා කිරීමෙන් අනතුරුව තීරණයක් ගැනීමට නියමිත් බවයි ඔහු සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?