විශ්ව විද්‍යාල ආචාර්යවරු 50%ක පුරප්පාඩු ඇති බව කෝප් කමිටුවේදී හෙළිවෙයි

සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නවීකරණය කිරීම සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය පිළියෙල කළ ජාතික උපාය මාර්ගික සැලැස්ම කෝප් කමිටුවට ඉදිරිපත් කර තිබෙනවා.

සති දෙකක් තුළ කාර්ය සාධක බලකායක් පත් කර මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසටයි කමිටු සභාපතිවරයා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත්තේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කැඳවා තිබුණා.

මෙහිදී 2023 මාර්තු 24 වැනි දින පැවති කෝප් කමිටු රැස්වීමේදී ලබා දුන් නිර්දේශයකට අනුව සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නවීකරණය කිරීම සඳහා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් පිළියෙල කළ ජාතික උපාය මාර්ගික සැලැස්ම කමිටුවට ඉදිරිපත් කිරීම සිදු කෙරුණා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය එම් පත්මලාල් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට කැදවා තිබුණා.

රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම නවීකරණය කිරීම සඳහා ජාතික උපාය මාර්ගික සැලැස්මක් සකස් කිරීමේ වගකීම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට භාරදීම සිදුවූයේ කළමනාකරණය සදහා කීර්තිමත් නාමයක් සහිතවූ බැවින් සහ එය පාර්ලිමේන්තුව විසින් එම විශ්ව විද්‍යාලයට ලබාදුන් ගෞරවයක් ලෙස සැලකිය යුතු බවයි කමිටු සභාපතිවරයා ප්‍රකාශ කළේ.

එසේම මෙම කටයුත්ත සදහා කැපවූ අධ්‍යාපන අමාත්‍යාංශයටත්, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමා ප්‍රමුඛ පාලක මණ්ඩලයටත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවටත්, ජේෂ්ඨ මහාචාර්ය දිසා බණ්ඩාර මහතා ප්‍රමුඛ කණ්ඩායමටත් විශේෂ ස්තූතිය පුදකරන බව ද කමිටු සභාපතිවරයා සඳහන් කළා.

එක් එක් විශ්ව විද්‍යාලවලට අනන්‍යවූ වෙනම තත්ත්වයන් ඇති බැවින් ඒ සියලු දේ කෙරෙහි අවධානය යොමු කරමින් මෙම කෙටුම්පත අනුව කටයුතු කිරීමේ හැකියාව ඇති බව මහාචාර්ය දිසා බණ්ඩාර මහතා පෙන්වා දුන්නා.

මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය කඩාවැටීමේ අවධානමකට ලක්ව ඇති පසුබිමක සති දෙකක් තුළ කාර්ය සාධක බලකායක් පත් කර මේ සම්බන්ධ වාර්තාවක් ලබා දෙන ලෙසටයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට කාරක සභාවට දැනුම් දුන්නේ.

ඇතැම් කුඩා ශීෂ්‍ය කණ්ඩායම්වලට සමස්ත විශ්වල පද්ධතියම කඩා වැට්ටවීම සදහා ඉඩ නොදිය යුතු බවටත් කෝප් සභාපතිවරයා කරුණු පෙන්වා දෙනු ලැබුවා.

එසේම විශ්ව විද්‍යාලවල ගුණාත්මක බව පවත්වා ගැනීමට ප්‍රතිපාදන කොමිෂන් සභාවට ද වගකීමක් පවතින බව කෝප් සභාපතිවරයා සඳහන් කළා.

එසේම මෙරට විශ්ව විද්‍යාලවලින් 50%ක් පමණ හෝ පර්යේෂණ විශ්ව විද්‍යාල බවට පත්විය යුතු බවයි මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පෙන්වා දුන්නේ.

විශ්ව විද්‍යාල ආචාර්යවරු 12992ක් සිටිය යුතු වුවද මේවන විට සේවයේ නියුක්ත වන්නේ ආචාර්යවරු 6548ක් බව ප්‍රතිපාදන කොමිෂමේ සභාපතිවරයා ප්‍රකාශ කළා.

එසේම අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද මෙම තත්ත්වය දැකිය හැකි බැවින් මෙය විසදාගැනීමට කටයුතු කළ යුතු බවත් පෙන්වා දෙනු ලැබුවා.

එසේම මෙරට ආර්ථික අර්බුදය සමග ආචාර්ය මහාචාර්යවරු රට හැර යාම ගැටලුවක් බවට පත්ව ඇති බවත් අවම වශයෙන් 1000ක ආචාර්යවරු ප්‍රමාණයක් බදවා ගත යුතු බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18