spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචිය ලබන සතියේ සිට

මෙවර විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව එම ලියාපදිංචි කිරීමේ කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය ඔස්සේ සිදුකරන බවයි
එම කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග කියා සිටියේ.

මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු සති දෙකක කාලයක් තුළ අවසන් කිරීමටයි සැලසුම්කර ඇත්තේ.

ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු පුරප්පාඩු පවතින්නේ නම් පුරප්පාඩු පවතින පාඨමාලා සඳහා අභියාචනා සලකා ලැබීමට කටයුතු කරන බවත් සභාපතිවරයා සඳහන් කර සිටියා.

මෙම ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කිරීමෙන් පසු ලබන ජනවාරි මාසයේ සිට ක්‍රමානුකූලව විශ්වවිද්‍යාල සඳහා සිසුන් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?