විශ්ව විද්‍යාල අධ්‍යාපන පද්ධතිය තුළ ගැටලු කිහිපයක් පැවතීමත්, අයවැය මඟින් අධ්‍යාපනයට වෙන් කෙරුණු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීමත් යන හේතුන් නිසා ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවීමට අපේක්ෂා කරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති, මහාචාර්ය ප්‍රගීත් වීරතුංග පවසනවා.
ඊයේ (19) පවතී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව සඳහන් කළා.
2026 අයවැයට අදාළව අධ්‍යාපනය සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවන අතර 2025 අයවැය මඟින් අධ්‍යාපනය සන්දග්=හා වෙන්කෙරුණු මුදලටත් වඩා අඩු මුදලක් මෙවර අයවැයෙන් වෙන් කර ඇති බවයි ඔහු පවවස සිටියේ.
එමෙන්ම විශ්ව විද්‍යාල ආචාර්යවරු 13,000 අධික පිරිසක් අවශ්‍ය බවත් මේ වනවිට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ සිටිනුයේ 6000කට ආසන්න ආචාර්‍යවරු ප්‍රමානයක් බැවින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේද විශාල හිඟයක් පවතින බවට එම සංගමය පෙන්වා දෙනවා.
ඉදිරි සතියේ දී අධ්‍යාපන වැය ශීර්ශය සාකච්ඡාවට ලක් කිරීමේ දී රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ගෙන විසදුම් ලබා නොදෙන්නේ නම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට ඔහු වැඩිදුරටත් සඳහන් කළා.




