විශ්වයේ රහස් රැසක් රැගෙන ඔසිරිස්-රෙක්ස් පෘථිවියට

“බෙන්නු” නැමැති ග්‍රහකයෙන් පස් සහ දූවිලි සාම්පල රැගත් ඔසිරිස්-රෙක්ස් නමැති රොබෝ ගවේෂණ යානය වසර 07ක මෙහෙයුම අවසන් කරමින් අද (24) යළි පෘථිවියට පැමිණියා.

මෙම යානය පෘථිවි වායු ගෝලය හරහා පහළට පැමිණ ඇමෙරිකාවේ ‘යූටා’ කාන්තාරය වෙත සාර්ථකව පතිත වූ බවයි නාසා ආයතනය නිවේදනය කළේ.

ග්‍රහකයෙන් එක් රැස් කරගත් පස් සහ දූවිලි ඔසිරිස්-රෙක්ස් යානයට සම්බන්ධ කුඩා කැප්සියුලයක් තුළ තැන්පත් කර තිබූ අතර, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව පෘථිවිය අසලට පැමිණ එම කැප්සියුලය පෘථිවිය දෙසට මුදාහරිනු ලැබුවා.

ඒ, අනුවයි සෞරග්‍රහ මණ්ඩලයේ, කිලෝ මීටර් මිලියන ගණනක් ඈතට ගොස් “බෙන්නු” නැමැති ග්‍රහකයෙන් සාම්පල ලබාගෙන තැන්පත්කර තිබූ ඔසිරිස්-රෙක්ස් ගවේෂණ යානයේ කැප්සියුලය පෘථිවිය පැමිණියේ.

ග‍්‍රහක පාෂාණ සහ පස් අවුන්ස 8.8ක් මෙම කැප්සියුලය මඟින් පෘථිවිය වෙත රැගෙන එනු ලැබුවා.

මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාසා ආයතනයේ පරිපාලක බිල් නෙල්සන් සඳහන් කළේ පෘථිවියට මෙතෙක් ලැබී ඇති විශාලතම ග්‍රහක සාම්පලය මෙම කැප්සියුලය මඟින් ගෙන ආ බවයි.

එය විද්‍යාඥයින්ට ග්‍රහලෝක සෑදීම පිළිබඳව විමර්ශනය කිරීමට උපකාර වනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ මඟින් සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය සහ එහි ගොඩනැගීම පිළිබඳ අපගේ අවබෝධය ගැඹුරු කරනු ඇති බවත් බිල් නෙල්සන් පැවසුවේ.

ඔසිරිස්-රෙක්ස් , 2016 වසරේ දී ගුවන්ගත වූ අතර, එය 2018 වසරේ දී දී “බෙන්නු” ග්‍රාහකය වෙත කක්ෂගත කිරීම ආරම්භ කළා.

අනතුරුව එම අභ්‍යවකාශ යානය 2020 වසරේ දී නියැදිය එකතු කර ගැනීමෙන් පසු එම වසරේ මැයි මාසයේ දී පෘථිවියට පැමිණීමේ දිගු ගමන ආරම්භ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07