spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශ්වයේ රහස් රැසක් රැගෙන ඔසිරිස්-රෙක්ස් පෘථිවියට

“බෙන්නු” නැමැති ග්‍රහකයෙන් පස් සහ දූවිලි සාම්පල රැගත් ඔසිරිස්-රෙක්ස් නමැති රොබෝ ගවේෂණ යානය වසර 07ක මෙහෙයුම අවසන් කරමින් අද (24) යළි පෘථිවියට පැමිණියා.

මෙම යානය පෘථිවි වායු ගෝලය හරහා පහළට පැමිණ ඇමෙරිකාවේ ‘යූටා’ කාන්තාරය වෙත සාර්ථකව පතිත වූ බවයි නාසා ආයතනය නිවේදනය කළේ.

ග්‍රහකයෙන් එක් රැස් කරගත් පස් සහ දූවිලි ඔසිරිස්-රෙක්ස් යානයට සම්බන්ධ කුඩා කැප්සියුලයක් තුළ තැන්පත් කර තිබූ අතර, ඊට ලබා දී තිබුණු උපදෙස් අනුව පෘථිවිය අසලට පැමිණ එම කැප්සියුලය පෘථිවිය දෙසට මුදාහරිනු ලැබුවා.

ඒ, අනුවයි සෞරග්‍රහ මණ්ඩලයේ, කිලෝ මීටර් මිලියන ගණනක් ඈතට ගොස් “බෙන්නු” නැමැති ග්‍රහකයෙන් සාම්පල ලබාගෙන තැන්පත්කර තිබූ ඔසිරිස්-රෙක්ස් ගවේෂණ යානයේ කැප්සියුලය පෘථිවිය පැමිණියේ.

ග‍්‍රහක පාෂාණ සහ පස් අවුන්ස 8.8ක් මෙම කැප්සියුලය මඟින් පෘථිවිය වෙත රැගෙන එනු ලැබුවා.

මෙම මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නාසා ආයතනයේ පරිපාලක බිල් නෙල්සන් සඳහන් කළේ පෘථිවියට මෙතෙක් ලැබී ඇති විශාලතම ග්‍රහක සාම්පලය මෙම කැප්සියුලය මඟින් ගෙන ආ බවයි.

එය විද්‍යාඥයින්ට ග්‍රහලෝක සෑදීම පිළිබඳව විමර්ශනය කිරීමට උපකාර වනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

මේ මඟින් සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය සහ එහි ගොඩනැගීම පිළිබඳ අපගේ අවබෝධය ගැඹුරු කරනු ඇති බවත් බිල් නෙල්සන් පැවසුවේ.

ඔසිරිස්-රෙක්ස් , 2016 වසරේ දී ගුවන්ගත වූ අතර, එය 2018 වසරේ දී දී “බෙන්නු” ග්‍රාහකය වෙත කක්ෂගත කිරීම ආරම්භ කළා.

අනතුරුව එම අභ්‍යවකාශ යානය 2020 වසරේ දී නියැදිය එකතු කර ගැනීමෙන් පසු එම වසරේ මැයි මාසයේ දී පෘථිවියට පැමිණීමේ දිගු ගමන ආරම්භ කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?