AFC Banner
AFC Banner
Empty Ad

විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට යළි රාජකාරියට එන්න අවස්ථාවක්

විශ්‍රාම ගිය විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට බදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇති බව වාර්තා වනවා.

මේ වනවිට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතාව සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව විශ්‍රාම ගොස් සිටින විශේෂඥ වෛද්‍යවරුන් යළි සේවයට පැමිණීමට කැමැත්ත දක්වන්නේ නම් එම වෛද්‍යවරුන්ට අවශ්‍ය පහසුකම් ලබාදීමට සූදානම් බව ද අමාත්‍යාංශය සඳහන් කළා.

රට තුළ විශේෂඥ වෛද්‍යවරුන්500කට ආසන්න පිරිසකගේ පුරප්පාඩු පවතින අතර, එම පුරප්පාඩු සඳහා මෙම පිරිස බඳවා ගැනෙන බවයි තොරතුරු වාර්තා වුණේ.

මේ අතර විදෙස් රටවල රැකියා කිරීම සඳහා සුදුසුකම් සැපිරූ වෛද්‍යවරුන් 5,000ක පිරිසක් රට හැර යාමේ සූදානමකින් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?