AFC Banner
AFC Banner
Empty Ad

විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු කහ ඉර මත දී මරුට

පන්නිපිටිය – ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට සිදු වූ රිය අනතුරකින් අද (18) අලුයම 5.20ට පමණ පුද්ගලයෙකු මියගියා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මහරගම සිට කොට්ටාව දෙසට ගමන් කෙරූ මෝටර් රථයක් පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ඉදිරිපිට ඇති කහ ඉර මතින් ගමන් කෙරූ පුද්ගලයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදු වූ බවයි.

අනතුරින් විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර හෙතෙම 67 හැවිරිදි කොට්ටාව දුම්රිය පටුමගේ පදිංචි ප්‍රින්ස් උපාලි තිලකරත්න නමැති අයෙක්.

මෝටර් රථය පැදවූ රියැදුරු කොට්ටාව පොලිසිය මගින් අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?