විශ්‍රාමික පොලිස් සැරයන්වරයෙකුගේ බිරිඳට අයත් බැංකු කාඩ්පතකින් වංචා කළ යුවළක් අත්අඩංගුවට

විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බිරිඳට අයත් බැංකු කාඩ්පතක් උපයෝගී කර ගෙන රුපියල් අසූ නව දහසක භාණ්ඩ මිලදී ගත් පුද්ගලයකු හා ඔහුගේ අනියම් බිරිඳ පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තමාට අයත් බැංකු කාඩ්පත සොරා ගෙන, කිසියම් පුද්ගලයකු විසින් ගණුදෙනු සිදු කර ඇති බවට විශ්‍රාමික පොලිස් සැරයන්වරයකුගේ බිරිඳ පොලිසියට කළ පැමිණිල්ලක් මතයි පොලිස් කණ්ඩායමක් සැකකරු භාණ්ඩ මිලදී ගත් වෙළඳසැල්වල සී.සී.ටී.වී පරීක්ෂා කර ඔහු පැමිණි යතුරුපැදිය හඳුනාගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු බස් රථ රියදුරකු වන බවත්, ඔහුට නිත්‍යානුකූල බිරිඳට අමතරව එප්පාවල, ගෝණපතිරාව, ගන්තිරියාගම, ඉපලෝගම සහ කැකිරාව යන ප්‍රදේශවල අනියම් බිරින්දෑවරුන් පස්දෙනෙකුද සිටින බවට ද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු පැමිණි යතුරු පැදිය ද කාන්තාවකගේ නමට ලියාපදිංචි වී ඇති අතර, ඒ ඔස්සේ පරික්ෂණ සිදු කිරීමේදී යි මෙම අනියම් සම්බන්ධතා පිළිබඳ තොරතුරුද අනාවරණය වී ඇත්තේ.

සැකකරු එප්පාවල ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටින පුද්ගලයකු වන අතර, ඔහුගේ එක් අනියම් බිරිඳක සමඟ මෙලෙස පසුගිය 13 වැනිදා බැංකු කාඩ්පත එප්පාවල පිහිටි බැංකුවක් අසල වැටී තිබී අහුලාගෙන එය භාවිත කර එදිනම එප්පාවල, තඹුත්තේගම සහ කැකිරාව යන ප්‍රදේශවල පිහිටි ස.තො.ස අලෙවිසැල්වලින් රුපියල් අසූ නව දහසක භාණ්ඩ මිලදී ගෙන තිබෙනවා.

ඒ.ටී.එම් කාඩ්පත හිමි විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ බිරිඳ පසුගිය 15 වැනි දින ඒ.ටී.එම් කවුලුව වෙත ගොස් මුදල් ලබා ගැනීම සඳහා කාඩ්පත මුදල් පසුම්බියේ නොමැති බවට තහවුරු වී තම කාඩ්පත අස්ථානගත වී ඇති බවට බැංකුවට පැමිණිලි කිරීමට යාමේදී යි එම කාඩ්පත හරහා කිසිවකු ගණුදෙනු කර ඇති බවට තහවුරු වී ඇත්තේ.

විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ විශ්‍රාම වැටුප් ඇතුළුව රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් එම කාඩ්පත් ගිණුමේ තිබී ඇති අතර, ඉන් රුපියල් අසූ නව දහසක ගණුදෙනු සිදු වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව විශ්‍රාමික පොලිස් සැරයන්වරයාගේ බිරිඳ ඊයේ එප්පාවල පොලිස් ස්ථානයට පැමිණිල්ලක් සිදු කර ඇති අතර, ඒ අනුව පරීක්ෂණ සිදු කර එදින පස්වරුවේම සැකකරු සහ අනියම් බිරිඳ අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු සහ කාන්තාව තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
3
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15