AFC Banner
AFC Banner
Empty Ad

විශ්‍රාමික ගුරුවරියකගේ ජීවිතය කිඹුලෙකු ඩැහැගනී (ඡායාරූප)

අම්බලන්තොට, පුහුල්යාය ප්‍රදේශයේ දී වලවේ ගඟේ දිය නාමින් සිටිය දී කිඹුලෙකුගේ ග්‍රහණයට හසු වූ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

75 හැවිරිදි වියේ පසු වූ විශ්‍රාමික ගුරුවරියක් මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බවයි අම්බලන්තොට පොලීසිය සඳහන් කළේ.

කිඹුලා විසින් අදාළ කාන්තාව ඩැහැගෙන යාමේ දී අසල සිටි පිරිස සිදුකළ කෑ ගැසීමත් සමඟ කිඹුලා ඇගේ කකුලක් කඩාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව ඇයගේ සිරුර ගොඩගෙන රෝහල වෙත යොමු කිරීමටයි ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත්තේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය අම්බලන්තොට, වාදුරුප්ප ප්‍රාදේශීය රෝහලේ දී සිදුකිරීමට නියමිතව තිබුණා.


.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
20
+1
4
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?