විශ්මිගේ විශ්මිත ඉනිම අපතේ යවමින් බංග්ලාදේශ 19න් පහළ කාන්තා පිළට තියුණු ජයක්

වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අද (16) පැවති තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තියුණු පරාජයක් වැළඳගන්නට සිදු වුණා.

ඒ, බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම මෙම තරගය ලකුණු 10කින් ජය ගැනීමත් සමඟයි.

දකුණු අප්‍රිකාවේ බෙනෝනි හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ දී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 165ක් තම ලකුණු පුවරුවට එක් කළා.

එහිදී අෆියා ප්‍රෝටාෂා සහ ෂෝර්නා අක්ටර් අර්ධ ශතක රැස්කරමින් බංග්ලාදේශ ලකුණු පුවරුව ඉහළට ඔසවා තබන්නට දායක වුණා.

පන්දු 120 තුළ ලකුණු 166ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම අවසන් පන්දුව තෙක් තරගයේ ජය තමන් සතුකර ගන්නට තියුණු සටනක නිරත වුණා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 60ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය සඳහා රැගෙන යාමට දැඩි උත්සාහයක නිරත වූ නමුත් එම උත්සාහය අපතේ යවමින් බංග්ලාදේශ ක්‍රීඩකාවන් ජයග්‍රහණය තමන් සතුකර ගත්තා.

පන්දු 54කින් වර්ණවත් වූ විශ්මිගේ ඉනිමට හතරේ පහර 08ක් සහ එක හයේ පහරක් ඇතුළත් වුණා.

විශ්මිට අනඟි සහයක් ලබා දෙමින් දෙව්මි විහඟා ලකුණු 55ක් රැස්කළ අතර, කෙසේ වෙතත් පන්දුවාර 20 අවසානයේ දී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට කඩුලු 04ක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 155ක් පමණයි.

පන්දු යැවීමේ දී මරුෆා අක්ටර් පන්දුවාර 04 තුළ ලකුණු 19කට කඩුලු 02ක් බිඳ දැමුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැටන් දොරවල වත්තේ රක්ෂිතයක හදිසියේම ඇතිවූ ගින්න
00:43
Video thumbnail
රටේ බඩු මිලත් එක්ක සතොස අද තත්ත්වය.."වෙනදා 5kg ගන්නවනම් අද දෙන්නේ 2kgයි..ඔක්කොම බඩු තියෙනවා"
02:03
Video thumbnail
හමුදාවෙන් නිවාඩු පැමිණ අත්බෝම්බෙන් සෙල්ලම් දැම්ම අයියා මලෝ..කිසිවෙකු නොදුටු CCTV දර්ශන පෙළක් එළියට
01:47
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට
00:35
Video thumbnail
'ඩයලොග්' අත්අඩංගුවට - වලාන OIC පෙනී සිට ව්‍යාපාරිකයින්ගෙන් සල්ලි අරගෙන
01:06
Video thumbnail
බොරුයි හොරුයි එකතුවෙලා - කවදාවත් මෙහෙම වෙලා නෑ
12:24
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු
01:05
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ටික අපි වටලනවා
10:27
Video thumbnail
කුණු කොල්ලෙට විකිණෙන තඹුත්තේගම එළවළු.."වැටිලා තියෙන්නේ දැන් රස්සාවත් එපා වෙනවා"
04:54
Video thumbnail
ගොවියා එනවා මහ පාරට - ගෝ හෝම්
16:21