විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ කාන්තාව බේරාගන්න මැදි වූ තරුණයා වෙඩි කා මරුට

තරුණයෙකු විසින් ගෙන ආ විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම නිසා කාන්තාවකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කිරීමට යාමේ දී ඇයව බේරාගැනීමට ගිය තරුණයෙකු වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ඉන්දෝර් දුම්රිය ස්ථානයේ දී මෙම සිදුවීම සිදුව ඇති බවයි එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ.

රාහුල් යාදව් නමැති 23 හැවිරිදි තරුණයා පසුගිය බදාදා සවස කාන්තාව විසින් තම විවාහ යෝජනාව ප්‍රතික්ෂේප කළ නිසා, දුම්රිය ස්ථානයේ දී පිස්තෝලයක් පෙන්වා ඇයට තර්ජනයකර ඇති බව සඳහන්.

එහිදී ඇය බේරා ගැනීමට උත්සාහ කළ 20 හැවිරිදි තරුණයෙක් මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

සැකකාර තරුණයා වෙඩි තැබීම සිදු කිරීමෙන් පසු පලාගොස් ඇති අතර, 20 හැවිරිදි තරුණයාගේ හිසට වෙඩි වැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ.

වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වය පසුවූ තරුණයා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (09) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි තැබීම සිදුකළ සැකකාර තරුණයාගේ සහ පවුලේ සාමාජිකයන් මේ වනවිට අතරුදන්ව ඇති බවයි පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පුත්තලමේ දන්සැල් PHI ඇවිත් පරීක්ෂා කරයි - දන්සල් ඉතා ඉහල මට්ටමින් පවත්වගෙන යනවා
02:43
Video thumbnail
බලපත්‍ර නොමැතිව තේක්ක දැව ප්‍රවාහනය කළ ලොරියක් කොටුවෙයි..සැකකරු ලොරිය දමා පලා ගිහින්
02:08
Video thumbnail
මාවතගමින් හමුවූ අමුතු දන්සල..ත්‍රීරෝද රථවල රෝද තුනට ග්‍රීස් නිපල් ගැනීමේ දන්සල
03:12
Video thumbnail
ගොවීන්ට රතු කට්ට පනියි..ජනාධිපති මන්දිරවල හරි වී ටික ගබඩා කරන්න - ඔය ටිකිරි මොළේට තේරෙන්නේ නැද්ද ?
07:27
Video thumbnail
කුකුළු අපද්‍රව්‍ය මහවැලි ගඟට මුදාහැරපු ඩබලක් පොලිසියට කොටුවෙයි
00:54
Video thumbnail
වාද්දුවේ දුන්න ෆ්‍රයිඩ් රයිස්, ආප්ප, කොත්තු දන්සල..මහ සෙනඟක් දන්සලට එන හැටි
01:59
Video thumbnail
මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල
01:10
Video thumbnail
හිත පිරෙන්න, මල්ල පිරෙන්න එළවළු දුන්න බණ්ඩාරවෙල සුපිරි දන්සල..මිනිස්සු දිගු පෝළිම්වල
02:04
Video thumbnail
අලව්වට ආ නාමල්ට මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - නාමල් දැක්ක ගමන් මිනිස්සු වදියි
01:12
Video thumbnail
88 අමතක කරලා..අනේ රණවිරුවත් පිළිගන්න - පොලිසිය, හමුදාව එක්ක ආණ්ඩුවට ලොකු ඇරියස් එකක් තියෙනවා
03:01