විවාහ මංගල්‍ය මග නවතා හොරා පසුපස පැන්නූ මනාලයා (වීඩියෝ)

විවාහ මංගල උත්සවය නවතා සිය මුදල් සහ මංගල මාලය සොරකම් කළ සොරෙකු පිටුපස හඹා ගිය මනාලයෙක් පිළිබඳ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය දා පැවති විවාහ මංගල උත්සවයක් අතර තුර මෙම සිදුවීම සිදුව ඇති බවයි වාර්තා වුණේ.

ඉන්දීය සම්ප්‍රදායට අනුව පැවති මංගල උත්සවයක මනාලයා අශ්වයෙකු පිට නැගී මංගල පෙරහැරේ ගමන් කරමින් සිටිය දී ඔහුගේ මුදල් සහ මංගල මාලය ලොරි රථ රියදුරෙක් විසින් කොල්ල කා පළාගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී මනාලයා මංගල උත්සවය අතහැර දමා යතුරුපැදියක නැඟී ලොරි රථ පිටුපස ලුහුබැඳ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තවත් අයෙකු සමඟ යතුරුපැදියක නැඟී ලොරි රථය ලුහුබැඳ ගිය මනාලයා අතර මඟදී ලොරි රථයට ගොඩවීමට සමත්ව ඇති අතර, එහිදී ඔහු රථය තුළට ඇතුළු වී එය නවතා ගැනීමට සමත්ව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරු ලොරි රථයෙන් බැසගත් මනාලයා සිය මුදල් සහ මංගල මාලය සොරාගත් ලොරි රථ රියදුරාට පහර දී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර තිබුණේ.

මංගල උත්සවය අතර මඟ නවතා තම ජීවිතය ද අවදානමේ දමමින් මනාලයා සිදුකළ මෙම ක්‍රියාව පුද්ගලයෙක් විසින් වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණේ මෙලෙසින්.

https://twitter.com/republic/status/1860930299485712823
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
10
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57