spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විවාහ දිවියට පිවිසිමෙන් පසු මුල්වරට පැතුම් මාධ්‍යයට කතා කරයි

සංචාරක ඇෆ්ගනිස්ථානය අතර හෙට (30) පැවැත්වෙන තුන්වන සහ අවසන් එක්දින තරගයට කණ්ඩායමක් ලෙස ඉතා සාර්ථකව මුහුණදීමට බලාපොරොත්තුවෙන් සිටින බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසනවා.

තරගයට පෙර අද (29) පැවති පෙර පුහුණුවීම අතර තුර ලැබුණු කෙටි විවේකයකදී මාධ්‍යට අදහස් දක්වමින් පැතුම් මේ බව සඳහන් කළා.

තමන්ගේ පුද්ගලික දක්ෂතා පිළිබඳව තමන් සතුටුවන බව සඳහන් කළ පැතුම් වැඩිදුරටත් පැවසුවේ ආරම්භක පිතිකරුවෙකු ලෙස කුසල් මෙන්ඩිස් සමඟ පිතිකරණයේ යෙදීමේ දී තමන්ට පහසුක් බවයි.

මේ අතර, ඊයේ දිනයේ විවාහ දිවියට පිවිස අද දිනයේ දී යළි කණ්ඩායමට එක්වීමට සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී පැතුම්ගෙන් විමසා සිටියා.

එහිදී සිනහවක් එක්කරමින් ඔහු පැවසුවේ රට වෙනුවෙන් ක්‍රීඩා කර අවස්ථාවක දී පෞද්ගලික කාරණාවන් පසෙකට දමා ක්‍රීඩාකිරීමට සිදුවන බවයි.

ඒ, සඳහා තම බිරිඳගෙන් ද කිසිඳු බාධාවක් නොමැති බව ද පැතුම් මෙහිදී සිහිපත්කර සිටියා.

https://youtu.be/xotiZ0aQXOQ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
89
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?