AFC Banner
AFC Banner
Empty Ad

විල් ස්මිත්ගේ පුජාවෙන් ක්‍රිස් රොක්ට වාසනාව පෑදෙයි

ඔස්කා සම්මාන උළෙලේදී හොලිවුඩ් නළු විල් ස්මිත්ගේ ප්‍රහාරයට ලක්වූ ක්‍රිස් රොක්ට එම අවාසනාවන්ත සිදුවීම හරහා වාසනාව උදා වෙමින් පවතින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවල සඳහන් වන්නේ, මෙම පහර දීමෙන් පසුව ක්‍රිස් රොක්ගේ විකට සංදර්ශන සඳහා පැවති ප්‍රේක්ෂක ආකර්ෂණය දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව ය.මේ වන විට එම සංදර්ශන නැරඹීම සඳහා නිකුත් කෙරෙන ප්‍රවේශ පත්‍ර අලෙවිය වැඩි වී ඇති බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

“ටික්පික්” නමැති ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ ආයතනය පවසන්නේ, පසුගිය මාසයේදී ම අලෙවි කළ මුළු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවට වඩා සඳුදා රාත්‍රියේදී අලෙවි කළ බව ය.

ඊට අමතරව, බොස්ටන්හි පැවැත්වීමට නියමිත ක්‍රිස් රොක්ගේ සංදර්ශනයක් සඳහා අමෙරිකානු ඩොලර් 46ක් ලෙස පැවති මිල අමෙරිකානු ඩොලර් 411ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද CBS පුවත් සේවයට වාර්තා වී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
21
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?