විල්බාව වැවේ ඛේදවාචකය

කුරුණෑගල, විල්බාව වැවේ දියනෑමට ගිය පාසල් සිසුවියන් දෙදෙනෙකු ඊයේ (15) සවස දියේ ගිලී මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, වයස අවුරුදු 13 සහ 14ක් වූ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි ගැහැණු ළමුන් දෙදෙනෙකි.

සවස් කාලයේදී ගැහැණු ළමුන් සිව්දෙනෙකු විල්බාව වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔවුන් සිව්දෙනා දියේ ගිලෙමින් සිටින බව ප්‍රදේශවාසින් දැක ඇත.

පසුව ප්‍රදේශවාසීන් විසින් ඔවුන් බේරාගෙන ඇති අතර අසාද්‍ය තත්ත්වයේ සිටි ළමුන් තිදෙනෙකු කුරුණෑගල රෝහල වෙත ඇතුළත් කර තිබුණි.

එලෙස රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දෙදෙනෙකු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

මියගිය ගැහැණු ළමුන් දෙදෙනාගේ මෘත ශරීර කුරුණෑගල රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?