විරෝධතා කල ගුරු-විදුහල්පතිවරු ගැන කනගාටුදායක පුවතක්

මෑතකදී පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන් විශාල පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කරයි.

තවත් ගුරුවරුන් පිරිසක් වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇතැයිද ඇය පවසයි.

ආණ්ඩු විරෝධී වෘත්තිය සමිති විසින් සංවිධානය කළ මෙම විරෝධතා නිසා විපතට පත් ගුරු පිරිස්වල වගකීම එම වෘත්තිය සමිති නායකයන් බාරගත යුතු යැයි ද පැවසූ ඇය එම නායකයන් අද වන විට අතුරුදහන් වී ඇතැයි ද කියා සිටියාය.

පවත්වන ලද ගුරු විරෝධතා හේතුවෙන් නැවත වතාවක් රට තුළ කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වූ බවටද ඇය චෝදනා කරයි. ආණ්ඩු විරෝධී ලෙස කටයුතු කිරිමට කෝටි 85ක මුදලක් විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ගුරු සංගම් වල ඇතැම් නායකයන්ට සහ ප්‍රසිද්ද හිමි නමකට ලැබුණු බවට වාර්තා පළ වූ බවද ඇය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
36
Subscribe
Notify of
6 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34