විරෝධතා කල ගුරු-විදුහල්පතිවරු ගැන කනගාටුදායක පුවතක්

මෑතකදී පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන් විශාල පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ මහත්මිය සඳහන් කරයි.

තවත් ගුරුවරුන් පිරිසක් වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇතැයිද ඇය පවසයි.

ආණ්ඩු විරෝධී වෘත්තිය සමිති විසින් සංවිධානය කළ මෙම විරෝධතා නිසා විපතට පත් ගුරු පිරිස්වල වගකීම එම වෘත්තිය සමිති නායකයන් බාරගත යුතු යැයි ද පැවසූ ඇය එම නායකයන් අද වන විට අතුරුදහන් වී ඇතැයි ද කියා සිටියාය.

පවත්වන ලද ගුරු විරෝධතා හේතුවෙන් නැවත වතාවක් රට තුළ කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වූ බවටද ඇය චෝදනා කරයි. ආණ්ඩු විරෝධී ලෙස කටයුතු කිරිමට කෝටි 85ක මුදලක් විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ගුරු සංගම් වල ඇතැම් නායකයන්ට සහ ප්‍රසිද්ද හිමි නමකට ලැබුණු බවට වාර්තා පළ වූ බවද ඇය පැවසුවාය.

ඇය මෙම අදහස් පළ කළේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

  1. කෝවිඩ් ආසාධනය වී මිය ගිය ගුරුවරුන් ලෙස සදහන් වන ව්‍යාජ පුවත් රැසක් මේ වන විට සමාජ ජාලා ඔස්සේ හුවමාරු වෙමින් පවතී . මෙම පෝස්ට් වල සිටිනා බොහෝ පුද්ගලයින් අවම වශයෙන් ලාංකිකයන් හෝ නොවේ . මෙය හුදෙක් මඩ ගැසීම අරමුණු කරගත් මෝඩ ප්‍රයත්නයකි . කාගේ වුවද මෙවැනි ක්‍රියා පිලිකුලෙන් යුයුතුව හෙලා දකිමි.

  2. මෙය බොරැවක් ,ඇය විශ්‍රාමිකය ඇය මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත් ඉටුකරන නියෝජිත වරියයි,ඉන්දීය නලු නිලියන් හා ජීවතුන් අතර සිටින ගුරැවරැන් මියගිය බව සදහන් කරමින් ආණ්ඩුවේ ඇය විසින් Fb එක වෙත මුදාහල සිද්දීන් බොරැ ඒවා වන අතර ආණ්ඩුව බලයට ගෙන ඒමට දරදිය ඇද මහන්සිවූ ගුරැ පොකුරැ වෙනස්වන බව නම් ඇත්තයි,,,,

  3. මූණේ ලේපොදක් නැති අසාධාරණය වෙනුවෙන් ම පෙනීසිටින තක්කඩි ගැහැනියයකගේ ගෝබෙල්ස් නිර්මානය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30