විරෝධතාවට එක්වූ 84ක් අත්අඩංගුවට

සමාජවාදී තරුණ සංගමයේ අද (24) පැවති විරෝධතාවට එක්වූ 84 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර එම සංගමයේ ජාතික සංවිධායක එරංග ගුණසේකර සහ ස්වාමින් වහන්සේලා දෙනමක් වන අතර ‘මර්දනය හකුලාගනු, වහා ඉල්ලා අස්වනු’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.