AFC Banner
Empty Ad
Empty Ad

විරෝධතාකරුවන් මැදට හසුවුණු අනුර කුමාරගේ වාහනයට හිස්වැසුමක් පැළඳ ගොඩවුණේ කවුද..?

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඊයේ පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණීමේදී විරෝධතාකරුවන්ට මැදිවුණා.
එහිදී ඔහු සමග විරෝධතාකරුවන් කතාබහක්ද ඇතිවුණා.
එහිදී ඔහු පැමිණි වාහනයට හිස්වැසුමක් දමා සිටි පුද්ගලයෙකු පිටුපසින් ගොඩ එන අයුරු කාගේත් අවධානය යොමුව තිබුණා.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු දැඩි චෝදනාවක් එල්ලකළා.
මේ සියළු චෝදනාවලට අනුර කුමාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

කණ්ඩායමක් මගේ යන වාහනේ හරස් කරලා නතර කරන්න කිව්වා.

නතර කළාට පස්සේ මම කිව්වා මහජනයාගේ මුදල් හොරකම් කිරීම ගැනත් දඩුවම් දීම පිළිබදවත්.

මම කිව්වා ඔව්වා කියන්න කළින් මම අවුරුදු 10 ක ඉදන් කියන දේවල් කියලා.

අද ජාලිය වරද පිළිඅරගෙන තියෙනවා. ඩොලර් ගාණක් වංචා කළ බව.

මම කිව්වලු මිනිස්සුන්ට ගහන්න කියලා. මම එහෙම කියලා නෑ..

ඊට පස්සේ කථානායකතුමනි, කවුද හෙල්මට් එකක් දාගෙන නැග්ගේ කවුද..?

මේ රටේ අමු දවල් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා.. අදත් මිනීමරුවෙක් නෑ..

ගරු කථානායකතුමනි ජයන්ත පැහැරගෙන ගියා..

නාමල් කියන මාධ්‍යවේදියට පහරදුන්නා කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ.

ඒ නිසා ගරු කථානායකතුමනි මේ සියල්ල වෙද්දි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.

අද ඔහු ජනාධිපති. ඒ නිසා ජනාධිපතිතුමාගේ වියරු මනය ගැන අත්දැකීමක් තිබෙනවා.

කවුද මේ අයට පහරදුන්නේ.. කවුද ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ.
අන්න ඒ නිසා ස්වේච්චාවෙන් අපි ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා.

මම වාහනයේ යන හැමවෙලාවේම අපේ පක්ෂයේ අය බලාගෙන ඉන්නේ.. ඔවුන් මට ආරක්ෂාව දෙනවා.
මම මෝඩකමට බෙල්ල දෙන්නේ නෑ.. එදා බිත්තර ප්‍රහාරය.. ඒ නිසා තමයි පසුගිය 23 වැනිදා රැස්වීමට පහරදීමට බස් ගෙනාවා.

මේ නිසා මගේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේ..

නිදැල්ලේ ලාබෙට අපේ ජීවිත ගොදුරු කරගන්න දෙන්නේ නෑ.. ඒ ගොල්ලෝ හිතනවා ඇති වාහනේ යනකොට ගල් ගහලා ඉන්න.

මතක තියාගන්න ලාබෙට අපේ ජීවිත බිලිගන්න දෙන්නේ නෑ..මෝටර් යසිකල් කිහිපයකින් මට ආරක්ෂාව දුන්නා.. එක්කෙනෙක් ඇවිත් මගේ වාහනේට නැග්ගා.. ඉතිං මොකක්ද ප්‍රශ්නේ..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
182
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ කණ්ඩායමට කැබිනට් පේපර් එකක්වත් ඉදිරිපත් කරගන්න බෑ
03:48
Video thumbnail
මාලිමාවට ඡන්දෙ දීපු අය දැන් දුකෙන් ඉන්නේ #anurakumaradissanayake #npp #unp
05:50
Video thumbnail
ගාල්ල හොල්ලපු මෝටාර් උණ්ඩය මෙන්න
01:57
Video thumbnail
අනුර පත්කළ ජනතාවගේ අපේක්ෂාවන් කඩන් වැටිලා
04:07
Video thumbnail
සජිත් දිනුවනම් සජිත් නෙවෙයි - පේන්න ඉන්නේ අරයව - ලාල් කාන්ත සජිත්ට සැරට දෙසයි
13:18
Video thumbnail
විදපු තවත් එන්නතක් කුඩා දරුවන්ට විසවෙයි
01:20
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන තවත් හෝඩුවාවක් එළියට...#pasku #gotabayarajapaksa #akd #npp
11:18
Video thumbnail
ලොවෙත් නැති වෙන්න දිනලා ලොවෙත් නැති වෙන්න ණය ගන්න අනුරට සැපට දෙසන ලන්සා
10:53
Video thumbnail
වැරෙන් ගහපු දිල්ෂාන් මදුෂා එක්ක කරන්න යන වැඩේ
02:58
Video thumbnail
ජනපති අනුර විපක්ෂයේ වාඩිකරවන්න යන සජිත් ඇතුළු ගෝලබාලයෝ #sajithpremadasa #akd #npp
02:11

?