විරෝධතාකරුවන් මැදට හසුවුණු අනුර කුමාරගේ වාහනයට හිස්වැසුමක් පැළඳ ගොඩවුණේ කවුද..?

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ඊයේ පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණීමේදී විරෝධතාකරුවන්ට මැදිවුණා.
එහිදී ඔහු සමග විරෝධතාකරුවන් කතාබහක්ද ඇතිවුණා.
එහිදී ඔහු පැමිණි වාහනයට හිස්වැසුමක් දමා සිටි පුද්ගලයෙකු පිටුපසින් ගොඩ එන අයුරු කාගේත් අවධානය යොමුව තිබුණා.
මේ සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු දැඩි චෝදනාවක් එල්ලකළා.
මේ සියළු චෝදනාවලට අනුර කුමාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදි මෙලෙස පිළිතුරු ලබාදුන්නා.

කණ්ඩායමක් මගේ යන වාහනේ හරස් කරලා නතර කරන්න කිව්වා.

නතර කළාට පස්සේ මම කිව්වා මහජනයාගේ මුදල් හොරකම් කිරීම ගැනත් දඩුවම් දීම පිළිබදවත්.

මම කිව්වා ඔව්වා කියන්න කළින් මම අවුරුදු 10 ක ඉදන් කියන දේවල් කියලා.

අද ජාලිය වරද පිළිඅරගෙන තියෙනවා. ඩොලර් ගාණක් වංචා කළ බව.

මම කිව්වලු මිනිස්සුන්ට ගහන්න කියලා. මම එහෙම කියලා නෑ..

ඊට පස්සේ කථානායකතුමනි, කවුද හෙල්මට් එකක් දාගෙන නැග්ගේ කවුද..?

මේ රටේ අමු දවල් ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළා.. අදත් මිනීමරුවෙක් නෑ..

ගරු කථානායකතුමනි ජයන්ත පැහැරගෙන ගියා..

නාමල් කියන මාධ්‍යවේදියට පහරදුන්නා කිසිම කෙනෙක් අත්අඩංගුවට අරගෙන නෑ.

ඒ නිසා ගරු කථානායකතුමනි මේ සියල්ල වෙද්දි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ.

අද ඔහු ජනාධිපති. ඒ නිසා ජනාධිපතිතුමාගේ වියරු මනය ගැන අත්දැකීමක් තිබෙනවා.

කවුද මේ අයට පහරදුන්නේ.. කවුද ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ.
අන්න ඒ නිසා ස්වේච්චාවෙන් අපි ආරක්ෂාව තහවුරු කරගෙන තිබෙනවා.

මම වාහනයේ යන හැමවෙලාවේම අපේ පක්ෂයේ අය බලාගෙන ඉන්නේ.. ඔවුන් මට ආරක්ෂාව දෙනවා.
මම මෝඩකමට බෙල්ල දෙන්නේ නෑ.. එදා බිත්තර ප්‍රහාරය.. ඒ නිසා තමයි පසුගිය 23 වැනිදා රැස්වීමට පහරදීමට බස් ගෙනාවා.

මේ නිසා මගේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕනේ..

නිදැල්ලේ ලාබෙට අපේ ජීවිත ගොදුරු කරගන්න දෙන්නේ නෑ.. ඒ ගොල්ලෝ හිතනවා ඇති වාහනේ යනකොට ගල් ගහලා ඉන්න.

මතක තියාගන්න ලාබෙට අපේ ජීවිත බිලිගන්න දෙන්නේ නෑ..මෝටර් යසිකල් කිහිපයකින් මට ආරක්ෂාව දුන්නා.. එක්කෙනෙක් ඇවිත් මගේ වාහනේට නැග්ගා.. ඉතිං මොකක්ද ප්‍රශ්නේ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39