AFC Banner
AFC Banner
Empty Ad

වියට්නාම් තානාපතිනිය විපක්ෂ නායක හමුවෙයි

ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති Nguyen Thi Toan මහත්මිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර හමුවක් සිදුවී තිබෙනවා.

ඒ අද පස්වරුවේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී යි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර පවතින දීර්ඝ කාලීන ද්විපාර්ශික සබඳතා පිළිබඳව එහිදී දෙපාර්ශවය කරුණු හුවමාරු කරගෙන තිබෙනවා.

වර්තමානයේ වියට්නාමයේ ක්‍රමානුකූල නැගී සිටීම පිළිබඳව ද විපක්ෂ නායකවරයා සිය සතුට පළ කරනු ලැබුවා.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේ ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා අවශ්‍ය කරන සහයෝගය ලබා ලබාදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?