ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ අද (06) දිනයේ තංගල්ල පොලිසිය වෙත කැඳවා තිබෙනවා.
පුවක්දණ්ඩාවේ සනා නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් පසුගිය දා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඔහු මෙලෙස කැඳවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
පසුගිය දා තංගල්ල ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනුණු සනත් වීරසිංහ නොහොත් පුවක්දණ්ඩාවේ සනා නැමැති පුද්ගලයාගේ දේශපාලන සබඳතා පිළිබඳව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පසුගිය 02 වනදා අනාවරණයක් කළා.
ඒ, අනුව ඔහු අනාවරණය කළ කරුණු පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙලෙස හිටපු අමාත්‍ය විමල් වීරවංශ තංගල්ල පොලිසිය වෙත කැඳවා තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
+1
+1
+1





