විමල්-උදය අයින් කළහම වාසු ඉබේම යයි කියලා හිතුවා

වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයාද ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ (8 වැනිදා) ප්‍රකාශ කර තිබේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් ඇමැතිවරයා පවසා ඇත.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී නැගුණු ප්‍රශ්න කිරීම්වලදීය.

‘‘දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා. එම ඇමැතිවරුන් සමග සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නොමැති බව’’ මුදල් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
එහෙත් අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවන බවද ඔහු පැවැසුවේය. ඉවසීමෙන් වැඩ කරන ලෙසත්, අගමැතිතුමාගෙන් දේශපාලන ඉවසීම ගැන ගොඩාක් ඉගෙන ගත හැකි බවත් ඇමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?