විමල්-උදය අයින් කළහම වාසු ඉබේම යයි කියලා හිතුවා

වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ධුරයෙන් ඉවත් නොකළේ විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඇමැතිවරයාද ඉබේම ඉවත් වනු ඇතැයි යන අදහසින් බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් හමුවේ ඊයේ (8 වැනිදා) ප්‍රකාශ කර තිබේ.

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමැති ධුරවලින් ඉවත් කළේ කැමැත්තකින් නොවන බවත් ඇමැතිවරයා පවසා ඇත.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදී නැගුණු ප්‍රශ්න කිරීම්වලදීය.

‘‘දේශපාලනය සහ ආණ්ඩු කිරීමේදී යම් යම් තීන්දු ගැනීමට සිදුවෙනවා. එම ඇමැතිවරුන් සමග සිටි වාසුදේව නානායක්කාර ඇමැතිවරයා ඉවත් කළේ නැත්තේ ඇයිදැයි අහනවා. අපි හිතුවේ තුන්වැනියා ඉබේම ඉවත් වෙයි කියලා. ඔවුන් ඉවත් වූවා කියලා ආණ්ඩුව පවත්වාගෙන යාමේ ගැටලුවක් නොමැති බව’’ මුදල් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.
එහෙත් අපිට බණින අය, විවේචනය කරන අය සතුරන් නොවන බවද ඔහු පැවැසුවේය. ඉවසීමෙන් වැඩ කරන ලෙසත්, අගමැතිතුමාගෙන් දේශපාලන ඉවසීම ගැන ගොඩාක් ඉගෙන ගත හැකි බවත් ඇමැතිවරයා මන්ත්‍රී කණ්ඩායම හමුවේ ප්‍රකාශ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57