AFC Banner
AFC Banner
Empty Ad

විභාග වංචා කළ මස්සිනාලා පොලිස් අත්අඩංගුවට

ඊයේ ආරම්භ වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් පෙනි සිටි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල පුද්ගලයා කල්මුනේ ප්‍රදේශයේ පිහිටි පාසලක ස්ථාපිත කර තිබූ විභාග මධ්‍යස්ථානයකදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

සැකකරු සිය මස්සිනා වෙනුවෙන් මෙලෙස විභාගය සඳහා පෙනී සිට ඇති අතර ඔහු සම්බන්ධයෙන් සැකසිතී ශාලාධිපතිවරයා විසින් පොලිසියට දන්වා තිබෙනවා.

අනතුරුව පොලිසිය පැමිණ සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත අතර අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසු අදාල විභාග අපේෂකයා ද අත්අඩංගුවට ගැනුණා.

සැකකරුවන් අද (24) දිනයේ කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?