කිසියම් විභාග අපේක්ෂකයෙකු විභාග අක්‍රමිකතාවයකට සම්බන්ධ වුවහොත් ඊට එරෙහිව දැඩි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පවසයි.
මෙවර උසස් පෙළ විභාගයේදී විභාග අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් ඊයේ (15) දිනයේ එක් සිදුවීමක් වාර්තා වූ බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
විදෙස්ගතව සිටින හිමි නමක් වෙනුවෙන් විභාගයට පෙනී සිටි හිමි නමක් පුත්තලම ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි.
පුත්තලම ශාන්ත මරියා විද්‍යාලයේදී මෙවර විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රය සඳහා ව්‍යාජ හැඳුනුම්පතක් භාවිත කරමින් පෙනී සිටි එම හිමි නම පුත්තලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් හිමිනම බෙලිඅත්ත ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් බව සඳහන් වෙයි.
මේ අතර පසුගිය 9 වනදා පැවති උසස් පෙළ විභාගයේ චිත්‍ර විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් වූ ගැටලුකාරි තත්ත්වයට මුහුණ දුන් සිසුන් සඳහා සහනයක් සැලසීමට කටයුතු කරන බව ද විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා සඳහන් කළේය.
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේ දී විභාගයට පෙනී සිටි සිසුන් 6 දෙනෙකුගේ චිත්‍ර පිළිතුරු පත්‍රය නියමිත වේලාවට පෙර සිසුන්ගෙන් ලබාගෙන ඇති බවට සහ ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ දී විභාගයට පෙනී සිටි සිසුන් දෙදෙනෙකුට චිත්‍ර ප්‍රශ්න පත්‍රයේ දෙවන කොටස ලබාදී නොමැති බවට වාර්තා වී තිබුණි.
උසස් පෙළ විභාගය අවසන් වී පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදු කිරීමේදී එම සිසුන් ලබාගෙන ඇති ලකුණු තත්ත්වය සලකාබලා ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ අධ්‍යාපන ලේකම්වරයා දැනුවත් කර ඔවුන්ට සහනයක් සැලසීමට කටයුතු කරන බව අද දෙරණ කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා පැවසීය.




