විපක්ෂ නායකවරයා රජයට දෙහි කපමින් රජයෙන් ඉල්ලු දේ

”මේ රට ගොඩ නැගීමක් හෝ සංවර්ධනය කිරීමක සේයාවක්වත් වර්තමාන ආණ්ඩුවට ලබාදිය නොහැකි බව ආණ්ඩුව විසින් ම සහතික වශයෙන් ම ඔප්පු කොට ඇති අතර අප ඉල්ලා සිටින්නේ අඩු තරමේ මේ රටේ පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය හෝ සහතික කරන ලෙසයි” යනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු සඳහන් කරන්නේ, කොරෝනාවෛරසය ආරම්භ වූ චීනයේ මිය ගිය ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා එනම්, 9000ට ආසන්න පිරිසක් මේ වන විටත් මෙරටට අහිමි වෙමින් පවතින බවත් ඒ අතර ප්‍රමුඛ පෙළේ වෘත්තිකයින්, දේශපාලඥයින්, ව්‍යාපාරිකයින්, ක්‍රීඩකයින්, ගුරුවරුන්, වෛද්‍යවරුන්, සාමාන්‍ය පුරවැසියන් මෙන් ම මේ රටේ අනාගත භාරකරුවන් වන කුඩා දරුවන් විශාල පිරිසක් ද සිටින බවය.

තමන්ගේ සමීපතමයින් අහිමිවීමේ ශෝකය සහ කම්පනය කෙතරම්දැයි කියා සිය පියාගේ අකල් වියෝවේ කම්පනය තවමත් ඔහු පෞද්ගලිකව අත් විඳීමෙන් දන්නා බවත් එබැවින් මේ අකල්හි සමුගත් සියලු දෙනාගේ සමීපතමයින් අත්විඳින කම්පනය පිළිබඳව බරපතළ වටහා ගැනීමක් තිබෙන බවත් ඔහු සඳහන් කර තිබේ. 

අවසන් සතිය පුරා ම හාර දහස ඉක්ම වූ කොරෝනා ආසාදිතයින් හමුවී ඇති අතර වෛද්‍ය විශේෂඥයන් කළ පුරෝකථන සියල්ල තහවුරු කරමින් දෛනික මරණ ප්‍රමාණය දෙසීය සීමාව ඉක්මවා යාම ද සිදු වී ඇති බව ඔහු පවසා තිබේ.

මේ අතර, ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරයා කොරෝනා මරණ සම්බන්ධයෙන් සාමාන්‍යකරණය සිදුකොට ඇත්තේ කොරෝනා ඇතත් නැතත් දෛනිකව දෙසීයක සීමාව ඉක්මවා මියයන බවට ”අඳ බාල ප්‍රකාශයක්” කරමින් බව ඔහු පවසා ඇත.

ඔහු සඳහන් කර ඇත්තේ, දෛනිකව මෙතරම් ප්‍රමාණයක් මියයද්දීත් මුළු ලෝකය ම මේ ව්‍යසනය පිළිබඳව සලිතව සිටියදීත් ආණ්ඩුවේ ඇතැමුන් ප්‍රකාශ කරන්නේ කොරෝනා යනු සැලකිල්ලට ගත යුතු නැති සෙම්ප්‍රතිශ්‍යාව තරම් සුළු රෝගයක් ලෙස පමණක් බවත් මේ ප්‍රකාශ තුළින් ම ගම්‍ය වන්නේ ආණ්ඩුව මිනිස් ජීවිත ලංසුවට තබා ඇති තරම බවත්ය.

අද වන විට එන්නත්කරණය ගුටි බැට හුවමාරුවලට පෙරළී ඇති බවත් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති අතර බරපතල ඖෂධ හිඟයකට රට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දී ඇත.

තවද සෞඛ්‍ය සේවකයින්ට දේශපාලකයින් උපදෙස් දීමට යාම හේතු කොටගෙන ඔවුන් මහත් පීඩනයකට පත්ව ඇති බවත් ඔහු පවසයි.

නිරෝධායන ඇදිරිනීතිය පනවා රට වසා දමා ඇතැයි ආණ්ඩුව නිවේදනය කළ ද එය කෙතරම් අසාර්ථක ද යන්න අත්‍යාවශ්‍ය නොවන වාහන පවා දහස් ගණනින් මාර්ගවල දකින්නට ලැබීමෙව් පැහැදිලි වන බව ඔහු පවසා ඇත.

රට වසා දැමීමෙන් පසු ජන ජීවිත සුරක්ෂිත කිරීමේ තීන්දුව ලබා දී ජනතාව පිළිබඳ වගකීමෙන් අත පිසදා ගත් ආණ්ඩුව මේ වන විට ජනතාවට උහුලා ගන්නට බැරි තරමට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ දමා ඇති බව ද ඔහු පෙන්වා දී තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාළ නිවේදනයෙහි ඔහු සදහන් කර ඇත්තේ මෙවැනි කරුණු කිහිපයකි.

• වී කිලෝ පහක් අලෙවි කළත් අද පවත්නා අධික මිලට සීනි කිලෝවක් මිලට ගැනීමට නොහැකි තත්වයට පත්ව ඇත. ඊයේ වන විට වෙළදපොළේ සීනි කිලෝවක මිල රුපියල් 210 කි. සතියකට පෙර රුපියල් 160 ක්ව තිබූ සීනි මිල සති දෙකකට පෙර තිබුණේ රු. 140ක්ව ය.පසුගිය මාසයේ මිල රු.115ක් විය. සීනී මිල ඉහළ යාම තමාට පවා අදහගත නොහැකි යැයි පාරිභෝගික රාජ්‍ය ඇමතිවරයාට පවා කියන්නට සිදුවී ඇත.

• නමුත්, සීනි බදු වංචාව නිසා රජයට රුපියල් බිලියන 20ක දැවැන්ත අලාභයක් වු බව අප පසුගිය ජනවාරි 20 පාර්ලිමේන්තුවේදී හෙලි කළ අතර මාර්තු 16, 23, 24 යන දිනවල ද ඒ පිළිබඳව අනාවරණය කළ බව හැංසාඩ් ගතව තිබේ. 

• මේ අසාමාන්‍ය සීනි මිල ඉහළ යාමේ වගකීම,එවන් බරපතල වංචාවක් හරහා ගජ මිතුරන්ට සහන දුන් ආණ්ඩුව භාර ගත යුතුය.

• මෑතක ඇති වූ බරපතළ ම උද්ධමනයට ද මේ වන විට රටේ ජනතාවට මුහුණ දීමට සිදුව ඇත.

• ආණ්ඩුව ලබා ගැනීමට පෙර එහි නායකයින් කියන ලද සියලු ජනතාවාදී කතා සහමුලින් පුස්සක් බවට පත්ව ඇති අතර ලබා දුන් සියලු පොරොන්දු ද අමානුෂික ලෙස කඩා දමා ඇත.

එබැවින් “අප ඉල්ලා සිටින්නේ අඩු තරමේ මේ රටේ පුරවැසියන්ගේ ජීවත්වීමේ අයිතිය හෝ සහතික කරන ලෙසය” යනුවෙන් අදාළ නිවේදනයෙන් ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

මව්බිම



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20