විනෝදය වෙනුවෙන් ගිනි ඇවිලූ ඩෙවොන්

හැටන් – දිඹුල, පතන ප්‍රදේශයේ පිහිටි ඩෙවොන් ඇල්ල රක්ෂිතයේ ඊයේ (04) රාත්‍රියේ හටගත් ගින්නකින් අක්කර 25 පමණ ගිනිගෙන විනාශ වී ඇති බව නුවරඑළිය ආපදා කලමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා සඳහන් කළා.

මෙම ගින්න රාත්‍රී 7 ට පමණ ඩෙවොන් දිය ඇල්ලට බටහිර ප්‍රදේශයෙන් පිහිටි දිඹුල පතන වත්ත ප්‍රදේශයට මායිම්ව හටගෙන තිබෙනවා.

ඩෙවොන් දිය ඇල්ල රක්ෂිත ප්‍රදේශවලට මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණයත් සමග ඉලුක් සහිත එම රක්ෂිතයේ ගින්න ශීඝ්‍රයෙන් පැතිර යන බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

පසුගිය දින කිහිපය තුළම ඩෙවොන් ඇල්ල රක්ෂිතය පුරා කිසියම් පිරිසක් විසින් ගිනි තැබිම් සිදු කිරිම නිසා එම රක්ෂිතයේ අක්කර 100 ආසන්න භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී විශාල පරිසර හානියක් සිදුව තිබෙනවා.

ඩෙවොන් ඇල්ලේ සුන්දරත්වයටද මේ හේතුවෙන් බලපෑමක් සිදුව ඇති බවයි එම මාර්ගයේ ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින් පවසන්නේ.

මධ්‍යම කදුකරය පුරා මේ දිනවල පවතින වියළි කාලගුණයත් සමග ඇතැම් පිරිස් විසින් සතුන් දඩයම් කිරිම සහ විනෝදාස්වාදය සඳහා මෙවැනි ගිනි තැබීම් සිදු කරන බව ප්‍රදේශවාසින් චෝදනා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28