විනිසුරු නිශ්ශංක බන්දුලගේ පත්වීම ගැන අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ගොනු කර ඇති මූලික පෙත්සමෙහි විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නියෝග ප්‍රකාශය දින නියමයක් නොමැතිව අද (25) කල් තැබුවා.

මෙම පෙත්සම නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න මහතා විසින් ගොනු කර තිබූ අතර මීට පෙර පෙත්සම කරුණු තහවුරු කිරීමට කැඳ වු අවස්ථාවේ ජනාධිපතිවරයාට අග්‍ර විනිශ්චයකාරවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම හෝ යෝජනා කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.

එදින ව්‍යවස්ථාදායක සභාව නිසි ක්‍රියා පටිපටිපාටියක් අනුගමනය නොකරමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කරන ලද විනිසුරුවරයෙකුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත්දැයි විමසා බැලීමට පෙත්සම විභාගයට විනිසුරු මඬුල්ල අවසර ලබා දුන්නා.

ඒ අනුව අද දින පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

නීතිපතිවරයා, කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියා.

විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියා.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
11
+1
2
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08
Video thumbnail
JVP එකේ පැවැත්ම රැදිලා තියෙන්නේ අල්ලස් මත..දිවි අහිමිවූ තරුණයෝ අද හිටියනම් මාලිමාවට එරෙහිව නැගිටිනවා
06:49
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාවෙන් සජිත්ට තදවෙයි
18:10
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි..කථානායක වරදක් කරලා..කවුද මේකට වග කියන්නේ?
01:40
Video thumbnail
ඩීසල් ලීටරයකට රු.100 දක්වා සහ පෙට්‍රල් ලීටරයකට රු. 20 දක්වා සහනයක්
03:35
Video thumbnail
ගල් අඟුරු හොඳයි ද නැද්ද කියලා මම කාලා බලන්නේ නෑ
15:57
Video thumbnail
බහුදින යාත්‍රාවකට ලක්ෂ එක හමාරක ඉන්ධන දීමනාවක්..ඉන්ධන මිලට වඩා රු. 50ක් අඩුවෙන් දෙන්නේ
02:08
Video thumbnail
AI සජිත් ප්‍රේමදාස නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
21:26
Video thumbnail
කබීර් හොඳම එකෙන් අමතද්දි ජනාධිපති සහන මල්ලක් අරගෙන පාර්ලිමේන්තුවට එයි
02:36
Video thumbnail
මරික්කාර් බිමල්ට දාපු කින්ඩිය
00:57