විනිසුරු නිශ්ශංක බන්දුලගේ පත්වීම ගැන අධිකරණයෙන් නියෝගයක්

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා විසින් කරන ලද නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමෙන් කතානායකවරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බවට ගොනු කර ඇති මූලික පෙත්සමෙහි විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි නියෝග ප්‍රකාශය දින නියමයක් නොමැතිව අද (25) කල් තැබුවා.

මෙම පෙත්සම නීතිඥ බී.පී.එස්.එම්. පතිරත්න මහතා විසින් ගොනු කර තිබූ අතර මීට පෙර පෙත්සම කරුණු තහවුරු කිරීමට කැඳ වු අවස්ථාවේ ජනාධිපතිවරයාට අග්‍ර විනිශ්චයකාරවරයා හැර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් පත් කිරීම හෝ යෝජනා කිරීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් ද නිකුත් කළා.

එදින ව්‍යවස්ථාදායක සභාව නිසි ක්‍රියා පටිපටිපාටියක් අනුගමනය නොකරමින් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට නම් කරන ලද විනිසුරුවරයෙකුගේ නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තිය යටතේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත්දැයි විමසා බැලීමට පෙත්සම විභාගයට විනිසුරු මඬුල්ල අවසර ලබා දුන්නා.

ඒ අනුව අද දින පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගය ප්‍රකාශයට පත් කිරීම දින නියමයක් නොමැතිව කල් තැබුවා.

නීතිපතිවරයා, කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය පෙනී සිටියා.

විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා පෙනී සිටියා.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
11
+1
2
+1
0
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිනිස්සු ජනපතිව වටකරයි.."අපේ පවුලේ ලොකු සහෝදරයට ජය වේවා.."
01:46
Video thumbnail
නව පෙරළියකින් විවෘත කරපු බස් රථ සේවාව..ඒකනම් සුපිරි Next Level අත්දැකීමක්
02:03
Video thumbnail
වෙළඳසැලේ සේවිකාවත් නොමඟ යවා සොරා දුන්න ගේම
01:22
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි
01:13
Video thumbnail
"සෑම සංස්කෘතියකටම ගරු කරන, ජාතිවාදයෙන් තොර රටක් අපි හදනවා" l Anura Kumara Dissanayake
03:32
Video thumbnail
විදුලි කණුවට නැගපු තරුණයා පොලිසියෙන් රැගෙන යයි - මිනිස්සු උණුසුම් වෙයි.."මට පොලිසියෙන් හොඳටම ගැ#වා"
04:41
Video thumbnail
තරුණයෙක් විදුලි කණුවට නැගලා දාපු සෙල්ලම්..තරුණයා පහළට ගන්න පොලිසිය දැඩි උත්සහයක්
02:00
Video thumbnail
එක පැනීමක් ජීවිතයක් අහිමි කර තවත් ජීවිතයක් බරපතළ කරයි..බයික් එක ගන්න දෙයක් නෑ - කුඩේ කුඩු
01:19
Video thumbnail
හෙල්මට් නැතුව ආවට දඬ ගැ#ව කියලා මුළු ගමම පොලිස් නිලධාරින් වටකරයි..අපි ජීවිතේට හෙල්මට් දාන්නේ නෑ
07:26
Video thumbnail
ගාල්ල සමූපකාර කොමසාරිස් කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්
10:14


?