විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු ගැනීම වළක්වමින් පැනවූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අඩු කිරීම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය අදාළ පෙත්සම් සලකා බලන තුරු දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එම පෙත්සම් අද සෝභිත රාජකරුණා, ධම්මික ගනේපොල සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම් පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් මෝසමක් ගොනු කර තිබෙන බව සඳහන් කළා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සෝභිත රාජකරුණා මහතා සඳහන් කළේ එම මෝසම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වරයා ඉදිරියේ සලකා බැලීම සඳහා යොමුකරන බවයි.

ඒ අනුව අදාල මෝසම අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා ඉදිරියේ සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන්ගේ වැටුප්වලින් අදාල බද්ද අය කිරීම වළක්වාලමින් දැනටමත් පණවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා විරුද්ධ වුණා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බලන තුරු අදාළ තහනම් නියෝගය දීර්ඝ කරන බවත් නියෝග කළා.

සිය වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් මෙම පෙත්සම් 2 ක ඉදිරිපත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?