විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු ගැනීම වළක්වමින් පැනවූ තහනම් නියෝගය දීර්ඝ කෙරේ

විනිසුරුවරුන්ගේ වැටුප් වලින් උපයන විට ගෙවීමේ බද්ද අඩු කිරීම වළක්වමින් පනවා තිබූ තහනම් නියෝගය අදාළ පෙත්සම් සලකා බලන තුරු දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය නියම කළා.

එම පෙත්සම් අද සෝභිත රාජකරුණා, ධම්මික ගනේපොල සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි කැඳවනු ලැබුවේ.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කළ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම් පූර්ණ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බලන ලෙස ඉල්ලමින් මෝසමක් ගොනු කර තිබෙන බව සඳහන් කළා.

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සෝභිත රාජකරුණා මහතා සඳහන් කළේ එම මෝසම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වරයා ඉදිරියේ සලකා බැලීම සඳහා යොමුකරන බවයි.

ඒ අනුව අදාල මෝසම අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා ඉදිරියේ සලකා බැලීම සඳහා ලබන 21 වනදා කැඳවන ලෙසත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයන්ගේ වැටුප්වලින් අදාල බද්ද අය කිරීම වළක්වාලමින් දැනටමත් පණවා තිබෙන තහනම් නියෝගය දීර්ඝ කරන ලෙස ඉල්ලා සිටියා.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා විරුද්ධ වුණා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බලන තුරු අදාළ තහනම් නියෝගය දීර්ඝ කරන බවත් නියෝග කළා.

සිය වැටුප්වලින් උපයන විට ගෙවීමේ බද්ද අය කිරීම නීතියට පටහැනි බවත් එබැවින් එම තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් ශ්‍රී ලංකා අධිකරණ නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමය විසින් මෙම පෙත්සම් 2 ක ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23