මතභේදාත්මක විනිසුරු තීරණයෙන් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය ගිලිහෙයි

නැගීඑන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට තිබූ පහසු අවස්ථාව ඊයේ (21) රාත්‍රියේ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමෙන් ගිලිහී ගියා.

ඒ, මෙවර තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථාන ‘A’ කණ්ඩායම හමුවේ ලකුණු 05කින් පරාජය වීමත් සමඟයි.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන ‘A’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 153ක් රැස් කළා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 154ක ඉලක්කයක් හඹා යාමය පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ පාකිස්ථාන පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම සුනු විසුණු කළා.

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම 14 වන පන්දුවාරය අවසානයේ කඩුලු 08ක් බිඳවැටී ලකුණු 99ක් ලෙස අසීරු අඩියක පැවතියා.

වගකීම පැහැරහැරි පිතිකරුවන්ගේ වගකීම භාරගත් මිලාන් රත්නායක හා ට්‍රැවීන් මැතිව් 09වන කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ බලාපොරොත්තු ඔසවා තැබුවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාර තුළ ලකුණු 15ක් අවශ්‍යව තිබූ අතර, එතෙක් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වී සිටි මිලාන් රත්නායක විනිසුරුවරයාගේ මතභේදාත්මක තීරණයත් සමඟ දැවී යාම හේතුවෙන් තරගය පාකිස්ථානය දෙසට දෝලනය වුණා.

කඩුල්ල මුවකළ බවට විනිසුරුවරයා ලබාදුන් මතභේදාත්මක තීරණයෙන් දැවී යනවිට මිලාන් රත්නායක පන්දු 32ක් තුළ ලකුණු 40ක් රැස්කරගෙන සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවරට 20 තුළ ශ්‍රී ලංකාවට කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 148ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 05කින් ජයගත් පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
19
+1
9
+1
2
+1
21
+1
6
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?