මතභේදාත්මක විනිසුරු තීරණයෙන් ශ්‍රී ලංකාවට අවසන් මහා තරගය ගිලිහෙයි

නැගීඑන ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට පිවිසීමට තිබූ පහසු අවස්ථාව ඊයේ (21) රාත්‍රියේ ශ්‍රී ලංකා ‘A’ කණ්ඩායමෙන් ගිලිහී ගියා.

ඒ, මෙවර තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී පාකිස්ථාන ‘A’ කණ්ඩායම හමුවේ ලකුණු 05කින් පරාජය වීමත් සමඟයි.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහර දුන් පාකිස්ථාන ‘A’ කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09ක් දැවී ලකුණු 153ක් රැස් කළා.

අනතුරුව ජයග්‍රහණය සඳහා ලකුණු 154ක ඉලක්කයක් හඹා යාමය පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කළ පාකිස්ථාන පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම සුනු විසුණු කළා.

පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිම 14 වන පන්දුවාරය අවසානයේ කඩුලු 08ක් බිඳවැටී ලකුණු 99ක් ලෙස අසීරු අඩියක පැවතියා.

වගකීම පැහැරහැරි පිතිකරුවන්ගේ වගකීම භාරගත් මිලාන් රත්නායක හා ට්‍රැවීන් මැතිව් 09වන කඩුල්ලට ලකුණු 47ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණ බලාපොරොත්තු ඔසවා තැබුවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාර තුළ ලකුණු 15ක් අවශ්‍යව තිබූ අතර, එතෙක් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව වී සිටි මිලාන් රත්නායක විනිසුරුවරයාගේ මතභේදාත්මක තීරණයත් සමඟ දැවී යාම හේතුවෙන් තරගය පාකිස්ථානය දෙසට දෝලනය වුණා.

කඩුල්ල මුවකළ බවට විනිසුරුවරයා ලබාදුන් මතභේදාත්මක තීරණයෙන් දැවී යනවිට මිලාන් රත්නායක පන්දු 32ක් තුළ ලකුණු 40ක් රැස්කරගෙන සිටියා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට නියමිත පන්දුවරට 20 තුළ ශ්‍රී ලංකාවට කඩුලු 09ක් දැවී රැස්කර ගත හැකිවුයේ ලකුණු 148ක් පමණයි.

ඒ, අනුව මෙම තරගය ලකුණු 05කින් ජයගත් පාකිස්ථානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තා.

  1. Sri lanka cricket has no better future. Everyone is like to play franchise criket. Players have no winining plan of matches. Our crixket have died. Sri lnkan cricket board should take stern action on players payment. It has to redeaign scheme on match wining syatem.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා ඉක්මන් වුණානම් අද ජෙනරල් කොබ්බෑකඩුව ජීවත් වෙනවා - යුනිෆෝම් දෙකටම අද ලොකු අභියෝගයක්
06:15
Video thumbnail
නොකියපු දෙයක් කිව්ව හැටියට පෙන්නලා ද#යම් කරන්න යන්නේ - අපිටත් වැලේ වැල් නෑ - රටටත් වැලේ වැල් නෑ
01:56
Video thumbnail
වලපයයි ගොඩපයයි ඉන්න හෙංචයියෝ පොලිස්පති කරයි - ශානිගේ උසස්වීම ගැන විමල්ගෙන් සැර සද්දයක්
03:42
Video thumbnail
කෝවිලේ බුදු පිළිමයක් තැබීමට යාමේදී නොසන්සුන්තාවක්
00:38
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?
00:44
Video thumbnail
හිටපු ජනපති රනිල් ඇතුළු ආණ්ඩු ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:41
Video thumbnail
අලි ප්‍ර#රයකට ලක්වෙන්න ගිය මනුස්සයෙක් බේරපු උතුම් මිනිස්සු
01:41
Video thumbnail
වැල්ලවායේ හිටි හැටියෙම ඇතිවූ තද සුළං තත්ත්වය
01:24
Video thumbnail
ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
01:57
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ ඩෙන්සිල් කොබ්බෑකඩුව දැයෙන් සමුඅරන් අදට වසර 34ක්
03:57