විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පතට කතානායකවරයාගේ සහතිකය

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව ප්‍රකාරව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද (15) සිය සහතිකය සටහන් කළා.

විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය 07 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඒ, අනුව මෙම විනිමය පත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත 2025 අංක 13 දරණ විනිමය පත්‍ර (සංශෝධන) පනත ලෙස බලාත්මක වන අතර, මෙම පනත මගින් 82 වන අධිකාරය වූ විනිමය පත්‍ර ආඥාපනත නවීකරණය කර සමකාලීන බැංකු කටයුතු සමඟ සමගාමී කිරීම අරමුණු කොට තිබෙනවා.

මෙම පනත මගින් වංක හා වැරදි සහගත චෙක්පත් අණකරුවන් සම්බන්ධයෙන් සාපරාධී වගකීම් පැනවීමට හැකියව පවතිනවා.

එමෙන්ම, නීත්‍යානුකූලව අවසරලත් ආකාරයට එදිනෙදා ව්‍යාපාරික කටයුතුවල දී නව්‍ය ලෙස හා නීතියට අනුකූල වන පරිදි විනිමය බිල්පත් භාවිතා කිරීම පිණිස පහසුකම් සලසන අතර, චෙක්පත් ඉලෙක්ට්‍රොනිකව ඉදිරිපත් කිරීමට අදාළ විධිවිධාන සලසා තිබෙනවා.

මෙම සංශෝධනයේ ප්‍රධාන අංග අතරට තත්කාලය සඳහා අදාළ වන නෛතික අනුප්‍රමාණයට අනුව බිල්පතක පොළිය ගණනය කිරීම සඳහා විධිවිධාන සැලසීම, ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රම මගින් අගරු කිරීමේ නිවේදන ලබාදීම සදහා විධිවිධාන සැලසීම, අභාවිත පරිචයන් ඉවත් කිරීම සහ වර්තමාන කෙටුම්පත් කිරීමේ පරිචයන්ට අනුකූල වන පරිදි නීතිය සකස් කිරීම ඇතුළත්.

එමෙන්ම ගෙවීම සඳහා චෙක්පතක් ඉදිරිපත් කිරීමේදී ෆැක්ස් මගින් සම්ප්‍රේෂණය කිරීම මගින් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික ක්‍රමවලින් චෙක්පතක අනුරූපයක් අණලත් බැංකුව වෙත යැවීමට බැංකුකරුට හැකියාව ලබාදීම, චෙක්පතක කවර හෝ එක් පසෙක රේඛනය කිරීමේ පරිචය පිළිගැනීම, “ආදායකයාගේ ගිණුමට” යනුවෙන් රේඛනය කිරීම (‘පමණි’ වචනය සමඟ හෝ නොමැතිව) ව්‍යවස්ථානුකූලව පිළිගැනීම, ගෙවීම් සිදු කරන බැංකු සඳහා ආරක්ෂණය වැඩි කිරීම, චෙක්පත් අගරු කිරීම සඳහා දඬුවම් සහ ඒ සම්බන්ධ විධිවිධාන සැලැස්වීම සහ ආදායකයාගේ නම වෙනස් කිරීම වාස්තවික වෙනස් කිරීමක් ලෙස සැලකීම යන විධිවිධාන ද ඇතුළත් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?