විදේශ ගතවන ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොලේදී පිළිගැනීමක් ලබාදීම සඳහා “Hope Gate” නමින් විශේෂ දොරටුවක්

විදේශ ගතවන ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොලේදී පිළිගැනීමක් ලබාදීම සඳහා “Hope Gate” නමින් විශේෂ දොරටුවක් විවෘත කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ, ජාත්‍යන්තර සංක්‍රමනික දිනය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැවති සැමරුම් උත්සවයකට එක්වෙමිනි.

විදේශ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර යැවීම මෙන්ම ඔවුන් උපයන මුදල් නීත්‍යානුකූලව මෙරටට ගෙන්වා ගැනීම සඳහාද පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය. විදේශගත ශ්‍රමිකයින් සඳහා වාහන ආනයන බලපත්‍රයක් හඳුන්වාදීම, මනුසවි විශ්‍රාම වැටුප් ක්‍රමය හඳුන්වාදීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.