විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව පරිත්‍යාශීලි රාජ්‍යයන් දැනුවත් කිරිමට විදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවක දි රටේ පවතින තත්ත්වයන් පිළිබඳ එම රාජ්‍යන් වෙත කරුණු පැහැදිලි කළ බව විදේශ අමාත්‍යංශය නිවේදනය කරයි.

එම සාකඡාව සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් සහභාගි වී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වීමට නියමිත සාකච්ඡාවේ මූලික කටයුතු පිළිබඳව මෙහිදි රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව දැනුවත් කර ඇති අතර එම අතරමැදි කාලසීමාව තුළ රටේ මූල්‍ය කටයුතුවලට සහය වන ලෙස ද එම රටවලින් ඉල්ලීමක් කළ බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ආර්ථික අර්බුදයේ මුල් අදියරේදී, ඊට විසඳුම් සොයා අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත යාම පිළිබඳ හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාපක්ෂ මහතා සහ හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැරුවේ ප්‍රතිගාමී අදහසකි.

ආර්ථික අර්බුදය දේශීය යාන්ත්‍රණයක් හරහා විසඳා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වුණි.

නමුත් විපක්ෂයේ මහජන නියෝජිතයන් දිගින් දිගටම ආණ්ඩුවට යෝජනා කළේ, ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර අරමුදලේ සහාය ලබාගැනීම අත්‍යවශ්‍ය බවය.

කෙසේ හෝ ක්‍රමයෙන් ආර්ථික අර්බුදය උග්‍ර වන විට හිටපු මුදල් අමාත්‍යවරයා සහ හිටපු මහබැංකු අධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමට තීරණය කළ ද එය ක්‍රියාත්මක වීමට පෙර ඔවුන් සිය ධුරවලින් ඉල්ලා අස්වුණි.

පසුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සහ වත්මන් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් පත් වූ අතර ඔවුන්ගේ ස්ථාවරය වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගත යුතු බවය.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුරූපීව මෙරට විදෙස් ණය ප්‍රතිව්‍යුහගත කරගන්නා තුරු විදෙස් ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවන බව ද රජය පසුගිය 12 වැනිදා නිවේදය කළේය.

මෙවන් තත්ත්වයක් මත ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇරඹෙන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඇතුළු පිරිස අද අලුයම වොෂින්ටන් බලා පිටත්ව ගියේය.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු ද එම කණ්ඩායමට ඇතුළත්ය.

අමෙරිකාවේ වොෂින්ටන්හි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලස්ථානයේදී එළඹෙන 19 වැනිදා එනම් අනිද්දා සිට අප්‍රේල් 24 වැනිදා දක්වා එම සාකච්ඡා පැවැත්වේ.

මෙම සාකච්ඡා සාර්ථක වුවහොත් මෙරටට අමෙරිකානු ඩොලර් බිලියන 4කට ආසන්න ණය මුදලක් ලැබීමට නියමිත බව වාර්තාවේ.

එය වාරික 05ක් යටතේ මෙරටට හිමිවන අතර ඒ හරහා ගෝලිය මූල්‍යකරණ ක්ෂේත්‍රයේ විශ්වසනීයත්වය තහවුරු කර ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04