විදේශිකයන් දෙදෙනෙක් නිසා පොඩි මැණිකේ විනාඩි 40 ක් ප්‍රමාද වෙයි

දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගමන් ගත් ඉන්දීය සම්භවයක් ඇති එංගලන්ත ජාතිකයන් දෙදෙනෙකු හේතුවෙන් පොඩි මැණිකේ දුම්රිය නාවලපිටිය දුම්රිය ස්ථානයේ විනාඩි 40ක් පමණ නවතා තැබීමට සිදු වූ බව නාවලපිටිය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පවසනවා.

එම විදේශිකයන් දෙදෙනා ඔහුන්ගේ මිතුරන් කිහිපදෙනෙකු සමඟ පේරාදෙණිය දුම්රිය ස්ථානයෙන් පොඩි මැණිකේ දුම්රියට නැග ඇත්තේ ඇල්ල දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීමටයි.

එම විදේශිකයන් දෙදෙනාගේ මිතුරන් එම දුම්රියේ ගමන් කිරිමට තුන්වන පන්තියේ ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබුණද, එම දුම්රියේම දෙවන මැදිරියේ ගමන් ගත් ඉන්දිය සම්භවයක් ඇති විදේශිකයන් දෙදෙනා කිසිදු දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියෙන් ගමන් කළ අවස්තාවේ දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් නාවලපිටිය දුම්රිය ස්ථානයේදි එම විදේශිකයන් දෙදෙනාට දුම්රියෙන් බසින ලෙසට අවස්ථා කිහිපයකදී උපදෙස් ලබාදුන්ද එම විදේශිකයන් දෙදෙනා දුම්රියෙන් බැසීම ප්‍රතික්ෂේප කිරීම නිසා දෙපාර්ශවය අතර ඇති වු උණුසුම් තත්ත්වයක් මත දුම්රිය විනාඩි 40ක් පමණ නාවලපිටිය දුම්රිය ස්ථානයේ නතර කර තැබිම හේතුවෙන් එම දුම්රියේ ගමන් ගත් සෙසු මගින් නොසන්සුන්කාරි ලෙස හැසිර තිබෙනවා.

පසුව නාවලපිටිය දුම්රිය ස්ථානයේ සේවකයින් විසින් දුම්රිය පිටත් කර යැවීම සඳහා ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගත් විදේශිකයන් දෙදෙනා දැඩි පරිශ්‍රමයක් දරා ඉවතට ගෙන එම විදේශිකයන් දෙදෙනාව නාවලපිටිය පොලිසිය වෙත භාර දි පොඩි මැණිකේ දුම්රිය බදුල්ල දක්වා පිටත් කෙරිණ.

දුම්රිය ප්‍රවේශපත්‍ර නොමැතිව දුම්රියේ ගමන් ගත් විදේශිකයන් දෙදෙනා නාවලපිටිය පොලිසියේ නිලධාරින්ගේ සහය ඇතිව නාවලපිටිය සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා දුම්රිය ප්‍රවේශපත්‍ර මිල දී ගෙන කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු වෙනත් දුම්රියක පිටව ගොස් ඇත්තේ නාවලපිටිය පොලිසියට සිය ස්තුතිය පුද කරමිනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15