AFC Banner
Empty Ad
Empty Ad

විදේශගතව සිට පැමිණි සැමියා 31 හැවිරිදි බිරිඳ මරා දමයි

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳව ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයවී ඇත්තේ කලවන්චිකුඩි පොලිස් වසමේ මහිලුර් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. සැමියා විසින් නිවසේදී සිදුකළ පහරදීමකින් බිරිඳ ඇදවැටී ඇති අතර පසුව අසල්වාසීන් විසින් ඇයව රෝහල්ගත කර තිබුණි.

නමුත් රෝහල් වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ රෝහලට රැගෙනඑන විටත් ඇය මියගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදේශගතව රැකියාව කළ සැමියා ඉකුත් 14 වනදා යළි නිවසට පැමිණ ඇති බවය.

ඔහු විදේශගතව සිටියදී හඬපටයක් එවමින් පහරදී බිරිඳව ඝාතනය කරන බවට සඳහන් කර තිබූ බවද මියගිය කාන්තාවගේ සහෝදරියක පොලීසියට සඳහන් කර තිබේ.

ඔවුන් විවාහ වී වසර 8ක් පමණ වන අතර ඉන් වසර 7ක්ම සැමියා විදේශගතව සිට ඇති අතර දරුවන් නොමැතිවීම පවුල් ආරවුල් ඇතිවීමට හේතුව බව අසල්වාසීන් පොලීසියට පවසා ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් කලවන්චිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?