විදේශගතව සිට පැමිණි සැමියා 31 හැවිරිදි බිරිඳ මරා දමයි

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් බිරිඳව ඝාතනය කර තිබේ. එලෙස ඝාතනයවී ඇත්තේ කලවන්චිකුඩි පොලිස් වසමේ මහිලුර් ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි. සැමියා විසින් නිවසේදී සිදුකළ පහරදීමකින් බිරිඳ ඇදවැටී ඇති අතර පසුව අසල්වාසීන් විසින් ඇයව රෝහල්ගත කර තිබුණි.

නමුත් රෝහල් වෛද්‍යවරයා සඳහන් කර ඇත්තේ රෝහලට රැගෙනඑන විටත් ඇය මියගොස් ඇති බවය.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ විදේශගතව රැකියාව කළ සැමියා ඉකුත් 14 වනදා යළි නිවසට පැමිණ ඇති බවය.

ඔහු විදේශගතව සිටියදී හඬපටයක් එවමින් පහරදී බිරිඳව ඝාතනය කරන බවට සඳහන් කර තිබූ බවද මියගිය කාන්තාවගේ සහෝදරියක පොලීසියට සඳහන් කර තිබේ.

ඔවුන් විවාහ වී වසර 8ක් පමණ වන අතර ඉන් වසර 7ක්ම සැමියා විදේශගතව සිට ඇති අතර දරුවන් නොමැතිවීම පවුල් ආරවුල් ඇතිවීමට හේතුව බව අසල්වාසීන් පොලීසියට පවසා ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් කලවන්චිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00