විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළට

විදෙස් රැකියා ආයතන බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට නිකුත්කර ඇති බවයි වාර්තා වුණේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාරගේ අත්සනින් යුතුවයි අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.

ඒ, අනුව බලපත්‍ර අලුත් කරන එක් එක් අවස්ථාව සඳහා රු 100,000ක මුදලක් ගෙවීමට සිදුවනවා.

government gazette1024 1
government gazette1024 2