AFC Banner
Empty Ad
Empty Ad

විදෙස් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

මෙරටට ලැබිය යුතු තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද විදෙස් දුම්වැටි තොගයක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදුණු පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්‍යය බලකාය නිවේදනය කළේ; මෙම වැටලීම ඊයේ (15) විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1 හි නිලධාරීන් කණ්ඩායමක් විසින් කඳාන පොලිස් වසමේ නෑදුරුපිටිය, කඳාන පිහිටි වෙළෙඳසැලකදී සිදු කෙරුණු බවයි.

එහි දී තීරු බදු නොගෙවා මෙරටට නීති විරෝධීව ගෙන්වන ලද විදෙස් දුම්වැටි 1200ක් සන්තකයේ තබාගෙන ජාවාරමේ යෙදී සිටි කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55 ක පුද්ගලයකු අත්අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු කඳාන පොලිස් ස්ථානය සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?