විදෙස් තරුණියකට හදිකරන්න ගිය කල්පිටියේ තුනක් අත්අඩංගුවට

ස්පාඤ්ඤ ජාතික තරුණියකට ලිංගික අතවර කිරීමට උත්සහ කර පසුව ඇයට පහර දුන්නැයි යන චෝදනා මත තරුණයින් තිදෙනෙක් කල්පිටිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංචාරක හෝටලයක පැවති සාදයක් අතර තුරයි විදේශීය තරුණිය මෙම සිදුවීමට මුහණ දී ඇත්තේ.

සංචාරයක් සඳහා තම පෙම්වතා සමඟ මෙරටට පැමිණ ඇති තරුණිය කල්පිටිය, කන්දකුලිය ප්‍රදේශයේ හෝටලයක නවාතැන්ගෙන සිට තිබෙනවා.

එහි දී ඉකුත් 30 වනදා රාත්‍රී වෙනත් හෝටලයක පැවති සාදයකට සහභාගී වූ බවත්, එහි දී සැකකරුවන් ඇයට ලිංගික අතවර කිරීමට උත්සහ කර ඊට විරුද්ධවීම නිසා ඔවුන් තමාට පහර දුන් බවත් විදෙස් ජාතික තරුණිය පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (31) දින කල්පිටිය පොලිසියට ලද මෙම පැමිණිල්ලට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

සැකකරුවන් කල්පිටිය , කන්දකුලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 සහ 39වන වියේ පසුවන්නන් බවයි වාර්තා වන්නේ

අත්අඩංගුවට ගත් සැකකරුවන් පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කල්පිටිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
0
+1
2
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?